වත්මන් ආණ්ඩුවේ ඇමැති ධූර රාජ්‍ය ඇමැති ධුර ලබාගත් සුළු පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා විය යුතු බවට මත පළකළත්, එයතම පක්ෂයේ මතය නොවන බවත්, ඡන්දය ප්‍රකාශයට පත්කළ පසු පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

වර්තමානය වන විට ආන්දෝලනාත්මක තත්වයක තුඩු දී තිබෙන මහනුවර නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකින් අනතුරුවමන්ත්‍රීවරයා මේ පිළිබඳව කියා සිටියේය.

“ජනාධිපතිවරයා සමඟ කැබිනට් මණ්ඩලයේ සිටින අපේ අය මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධූර උසුලන අයගෙත් අදහසක් තිබෙනවා, රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය දිය යුතුයි කියා. තවත් අය තවත් නම් ඉදිරිපත් කරනවා. නමුත් ඒ කිසිවකටත් අප කලබල විය යුතු නැහැ”

තම තමන්ගේ පෞද්ගලික මත ඉදිරිපත් කිරීමේ නිදහස තම පක්ෂයේ තිබෙන බවත්, වෙනත් පක්ෂවල මේ ආකාරයට ප්‍රතිවිරුද්ධ මත ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය පවා තහනම් වන බවද නාමල් රාජපක්ෂ පැවැසීය.