කෙලෙස් දුරලන එක වචනය කෙලෙස් නිර්මාණය කරන වචන 1000කට වැඩිය වැදගත් බව ඊයේ (30) භික්ෂු උපදේශක සභාවේ සමාරම්භක උත්සවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විනය ගරුක සමාජයක්

විනය ගරුක සමාජයක් උදෙසා තේමා කරගනිමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ භික්ෂූන් උපදේශන සභාව ඊයේ කොළඹ සෝලීස් උත්සව ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා 700නමක් පමණ වූ හා සංඝරත්නය වැඩමවා වදාළ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ නායකයින් රැසක් ඊට එක්ව සිටියහ.

මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කලේ,

බුදුරජාණන් වහන්සේ දේශනා කළා අනුන් කියන දේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න එපා. තමන් කරන දේ හරියට කරන්න. තමන්ගේ නිවැරදි භාවය සාක්ෂාත් කර ගන්න කටයුතු කරන්න.

නපරේසං විලෝමානී
නපරේසං කථා කතං
අත්තතෝව අවෙක්ඛ්‍යෙ
කථා නී අකතානීච

අනුන්ගේ රළු වචන හැසිරීම් රටා අපට වැඩක් නැහැ. අපි අපේ ගමන නිවැරදිව යනවා. අපි අපේ ගමන පිරිසිදුව ක්‍රියාත්මක කරනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස