දූශිත දේශපාලන සංස්කෘතිය ආධී වර්තමානයේ රට තුල උඩුදුවමින් තිබෙන මහජන ගැටළු වලටත් වසර ගණනාවක් පුරාවට රට පාලනය කරන රජයන් විසින් ගෙනයනු ලබන අත්තනෝමතික ක්‍රියාවන්ට විරෝධය පලකරමින් “දුෂිතයන්ට එරෙහිව බර අවිය සුදානම්” යන මැයෙන් අගෝස්තු 11 ලිප්ටන් වටරවුමෙහි විරෝධතාවක් පවත්වන අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද එම විරෝධතාවයට සහබාගී වීමට නියමිතය.

සරත් ෆොන්සේකා

මෙම විරෝධතාවය,

දූශිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නටත්
දූශිතයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන්නටත්
මහජනතාව මත පනවමින් සිටින අධික ජීවන බරට එරෙහිවත්
පැවැත්වෙන අතර ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඔහුගේ නිල ෆේස්බුක් වෙබ් අඩවියේ මෙම විරෝධතාවයට සහබාගී වී මෙම අත්තනෝමතික දූශිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට  දායකත්වය සපයන ලෙස සමස්ත ශ්‍රී ලංකේය ජනයාට ඇරයුම් කර සිටී.