ලෝකය පුරා වෙසෙන රදගුරු හිමිපාණන් වහන්සේලා ශුද්ධ වූ පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් වතිකානුවේ පැවැත්වෙන Ad Limina Visit සමුළුවට සහභාගී වීමට සුදානම්ව සිටින අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙම සතියේ වතිකානුව බලා පිටත්ව යෑමට නියමිතය.

එමෙන්ම ඔක්තෝබර් 04 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වේන මෙම Ad Limina Visit සමුළුවේදී  සියලු රටවල රදගුරු හිමිපාණන් වහන්සේලාට පාප්වහන්සේ සමග වෙන වෙනම සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී ඇති බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහබාගී වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට ඇති කාලවේලාවේදී තවමත් යුක්තිය ඉටු නොවූ පාස්කු ප්‍රහාර සිදුවීම් සම්බන්ධයෙන් සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ පාප්වහන්සේ දැනුවත් කිරීමට රදගුරු හිමිපාණන් වහන්සේලා සැලසුම් කොට ඇති බවද දැනගන්නට ඇත.