නාවලපිටිය නගරයේ විරෝධතාවක නිරත වී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වූ සමගි ජන බලවේගය නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජීව මහතා ඇතුළු පහළොස් දෙනා නාවලපිටිය මහෙස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා විසින් ඇප මත මුදාහරිනු ලැබීය.

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරිමින් මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ට නියම කළේ යළි දෙසැම්බර් 13 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසය.

මෙම සියලුදෙනාම අද සවස මහෙස්ත්‍රාත් නිල නිවස වෙත නාවලපිටිය පොලීසිය මගින් ඉදිරිපත් කර තිබුණි.

ඊයේ දිනයේ මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන් නාවලපිටියේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමට විරෝධය පල කරමින් විශාල පිරිසක් නගර මධ්‍යයේ රැස්ව තිබුණා.