පවතින ක්‍රමය වෙනස් කිරීමට නැගී සිටින ලෙස අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ තරුණයන්ගෙන් ඉල්ලා සිටිති.

‘ප්‍රාණ’ සිනමාපටයේ මංගල දර්ශනය නැරඹීම සදහා සහභාගී වූ අවස්ථාවක දී කාදිනල් හිමිපාණෝ තරුණයන්ගෙන් එම් ඉල්ලීම ඉල්ලා සිට ඇති බව ද අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි.

රට යහපත් අතට ගැනීම තරුණයන්ගේ වගකීම බව සිහිපත් කර ඇති කාදිනල් හිමිපානෝ ඒ වගකීම ඉටු කිරීම සදහා තරුණයන් නැගී සිටිය යුතු බවත් ඊට සෙසු සියලු ප්‍රජාවන්ගේ සහාය හිමිවිය යුතු බවත් අවධාරණය කර තිබේ.

අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව නැගී සිටි තරුණයන් සිරකදවුරුවල හෝ උසාවිවල සිටින බව තමන් දන්නා බව පවසන කාදිනල් හිමියෝ එය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව ද පවසති.

අරගලකාර තරුණ තරුණයන් පසුගිය කාලය තුළ වීදි බැස්සේ පවතින ක්‍රමය වෙනස් කරන ලෙස ඉල්ලමින් බව පවසන කාදිනල් හිමියෝ තරුණයන්ගේ එම ඉල්ලීම ඉතාම සාධාරණ බවද පවසති.

සියළුවාද භේද පසෙක ලා අළුත් ශ්‍රී ලංකාවක් බිහිකිරීම සදහා එක්වන ලෙස කාදිනල් හිමියෝ ආරාධනා කරති.