වත්මන් අර්බුදයට poly crisis කියල අලුත් වචනයක් හදුන්වා දී තිබෙන බවත් මෙම අර්ථදැක්වීම හමුවේ තවත් ගැටළු රාශියක් එකතු වී තිබෙන බවත් ඊයේ(12) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මේ බව පැවසීය.

මේ පිලිබදව විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ(12) පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න.

රටේ වර්තමාන අර්බුදයට අලුත් වචනයක් හදලා poly crisis කියලා. මේ අර්බුදයේ ණය ගෙවාගන්න බැහැ ඊට අමතරව උද්දමනය ඉහළට යනවා පොලී අනුපාතය උඩට යනවා ආහාර හා බලශක්ති මිල මිනිස්සුන්ට දරාගන්න තරම් ඉහළයි එහිදී මේ සමග පරිසර විපර්යාස තිබෙනවා ඊයේ පෙරේදා දහස් ගණනින් නැති වුණා භුමිකම්පා නිසා මෙය ලංකාවට විතරක් ඇති වූ poly crisis එකක් නෙමෙයි හුගක් රටවලට අද බලපානවා සමහර රටවල් ඒවා හොදට කළමනාකරණ කරනවා අපිට එය කළමනාකරණය කරගන්න බැරි වුණා .ඒකයි වෙනස.

අර්බුදයකදී ස්ථීර භාවයක් ඇති කරන්න උත්සාහ ගන්නවා නමුත් අපි හැමදාම අනුමානයක් කරනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිය සැප්තැම්බර් මාසේ එකගත්වයට ආවා කියලා කිව්වා තුන්වැනි කාර්තුවේ දී කරනවා කිව්වා හතරවෙනි කාර්තුවේ දී කරනවා කිව්වා දැන් පලවෙනි කාර්තුවටත් ඇවිල්ලා දෙවැනි කාර්තුව ගැන කතා කරනවා මේකට හේතුව අනුමානය අපි ඇති කරගෙන.

හදිසියක් වෙලා රෝහලකට ගියොත් බෙහෙත් නැහැ එක එක කතා වල ඇවිත් කියනවා බෙහෙත් තියෙනව කියලා ඇත්ත කතාව අත්‍යවශ්‍ය බෙහෙත් නැහැ හදිසියක් වුණොත්. එය විශේෂඥයින්ගේ වාර්තාවල පල වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේම සෞඛ්‍ය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා.

අනිත් රටවල් වල අර්බුදය කළමනාකරණය කරනවා එම රටවල නායකයෝ ස්ථීර භාවයක් ඇති කරනවා අපේ නායකයෝ ඇති කරන්නේ අනුමානය දැන් ලොකුම අනුමානය ඇති කරල තියෙන්නෙ මැතිවරණයක් ගැන ඒ ගැන අනුමානයක් අවශ්‍ය නැහැ පටන් ගත්ත දවසෙ ඉදලම මැතිවරණ කොමසාරිස් කිව්වා මැතිවරණයක් තියන්න ඕන කියලා ඒ දවස් ඉඳලා අද වෙනකම්ම අනුමානයක් ඇති කරගෙන යනවා අනුමානයක් නැති උනාම ව්‍යාපාර වලට වෙළඳපොළට දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීමට බාධාවක් වෙනවා ව්‍යාපාරිකයෝ බදු ගෙවන්න බැහැ කියන්නේ නැහැ ඔවුන් කියන්නේ හරියටම කියන්න බද්ද කීයද කියලා ඒක දිගටම තියාගෙන යන්න දවසින් දවස වෙනස් කරන්න එපා කියලා ස්ථිර ප්‍රතිපත්ති තිබුනොත් ව්‍යාපාර කළමනාකරණය කර ගන්නවා .එයට මැතිවරණයත් සම්බන්ධයි එහි අනුමානය චන්ද දායකයින්ට විතරක් නෙමෙයි සියල්ලටම සම්බන්ධයි ආර්ථිකයට, ව්‍යපාරයට සම්බන්ධයි .එක පැත්තකින් කොමිසම මාර්තු 9ට දින දුන්නා ඊට පස්සේ අනුමානය ඇති කරගෙන ගියා පෙබරවාරි 10 අධිකරණයට ගෙනාපු වෙලාවේ මැතිවරණ කොමිසම පැහැදිලිව අපි නිත්‍යානුකූලව තියනවා කිව්වා එහිදී එම නඩු දෙක පස්සට ගියා. තවත් කෙනෙක් නඩුවක් දාලා තියෙනවා එහි කියනවා සුදුසු වාතාවරණයක් නැහැ කියලා ලංකාවේ ඕන පුරවැසියෙකුට අධිකරණයට යන්න පුළුවන් එහෙම වුණා කියලා ජනාධිපතිවරණය කල් දාන්න පුළුවන්ද, පාර්ලිමේන්තුව කල් දාන්න පුලුවන්ද, නගර සභා ප්‍රාදේශීය සභාව කල් දාන්න පුලුවන්ද මොකක්ද මේ කරන විහිලුව අපේ නායකයෝ අනුමානය ඇති කරන එක ඒ නඩුවේ දාලා තියෙනවා මුදල් අමාත්‍යාංශයේ සල්ලි නැහැ කියල බිලියන අයහපත් යන වැඩක් මේක විහිලුවක් සීනිවල බද්ද එක රාත්‍රියකින් රුපියල් පනහෙ ඉඳලා සත විසි පහකට අඩු කරන එකෙන් සති ගානකින් රුපියල් බිලියන 19කට වැඩිය ආදායම නැති වුණා . මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරන්න ස්වෛරිත්වය නැති කරලා ඒක ආණ්ඩු කරන අයගේ අතට ගන්න කරන විහිළුවක් තවත් අභියාචනයක් දීලා තියෙනවා තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් මුදල් අමාත්‍යංශයට දීලා තියෙනවලු මගපෙන්වීමක් එය තමයි ආයතන දහතුනක් නම් කරලා එයට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා මුදල් බෙදනකොට අභියාචනාවේ කියනවා එකේ මැතිවරණ කාර්යාලය නැහැ කියලා මොකද මේ විහිළුව රටේ මිනිස්සු මෝඩයි කියලා හිතනවද ඕවා එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. හැමදාම කියල තියෙන්නේ මම අපේ රටේ නායකයෝ විශ්වාස කරන්න බැහැ මේක ජනතාවගේ අයිතිය මෙය ගලෙන් කොටන්න ඕන ව්‍යවස්තාවේ දාන්න ඕන අහවල් දවසේ ජනාධිපතිවරණයේ තියෙනවා මහ මැතිවරණය තියෙනවා පළාත් සභා මැතිවරණය තියෙනවා නගර සභා ප්‍රාදේශීය සභා තියෙනවා කියලා මේවා නායකයන්ට තීරණය කරන්න දෙන්න එපා මේ රටේ නායකයන්ගෙ හැටි දන්නවා ක්‍රිකට් මැච් එකක් ගහන්න ගියාම යන්න ඉස්සරවෙලා නීතිරීති දන්නවා මැදදි රූල් මාරු කරන්න බැහැ . ඒ වගේම පත්වෙච්ච අය නීතියක් ඇතුළත පත්වෙලා තියෙන්නේ ඒ ඇතුළෙ තමයි ක්‍රියාත්මක වෙන්න ඕන ඔය සෙල්ලම් දාලා ලොකු ප්‍රශ්නයක් වෙනවා මොකද මැතිවරණ ක්‍රියාවලිය යනවා එහිදී මුදල් විතරක් නෙමෙයි දහඩිය මහන්සිය කාලය අවශ්‍යයි මෙය තියන්නේ නැත්නම් මුලින්ම කියන්න ඕන දැන් අනුමානයක් ඇති කරලා විශාල ප්‍රශ්නයක් ඇති කරන්න යනවා එය විසඳන්න බැරි සමාජ ප්‍රශ්නයක් බවට පත් වෙනවා හෙවත් තුවක්කු විසඳන්න බැහැ මේ රටේ නායකයන්ට කියනවා දිග දුර කල්පනා කරන්න කියලා මේවා ව්‍යවස්ථාවට දාන්න ඕන මැතිවරණ දෙකක් එක දවසෙ තියන්න පුළුවන් එය කාර්යක්ෂමයි මිනිස්සුන්ගෙන් කාලය ඉතුරු වෙනවා මුදල් අවම වෙනවා මැතිවරණ එක්ක සෙල්ලම් කරන්න එපා ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරන්න එපා පළාත් සභාවත් නැති කළා දැන් අවුරුදු පහකට තියලා නැහැ ජනාධිපතිතුමා උතුරට ඊයේ ආවම උතුරෙන් මිනිස්සු පෙළ ගැහිලා විරෝධයක් තියෙනකොට අත්අඩංගුවට ගන්නවා ගජේන්ද්‍රන් මන්ත්‍රිතුමා වක් අත්අඩංගුවට ගත්ත මොනවද මේ කරන්නේ අපේ අය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විරෝධයක් පානවා අපි ඒ අයට උදව් කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි අවුරුදු 26ක යුද්ධයක් තිබුණා මේ වගේ වැඩ නොකළ යුතුයි දේශපාලඥයන් නෙමෙයි නිලධාරීන් කල්පනාවෙන් වැඩ කරන්න ඕන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ශක්තිමත් කරන්න ඕන එසේ ශක්තිමත් කෙරේ නැතුව එයට පහර ගැහුවොත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් මිනිස්සු එළියට පනිනවා.
ජනාධිපතිතුමා කොහේ හරි ගියා කියලා මිනිස්සුන්ට විරෝධයක් පාන්න බැරි කමක් නැහැ මොකක්ද මේ කරන්නේ.

නිරුත්තර රටකට උත්තරය ප්‍රතිපත්ති විතරක් නෙමෙයි ප්‍රතිපත්තියක් අවශ්‍යයි වැඩපිළිවෙළක් අවශ්‍යයි නමුත් වැඩපිළිවෙළ විතරක් නෙමෙයි කණ්ඩායමක් අවශ්‍යයි පුද්ගලයෙක්ට මේ කරන්න බැහැ අවුරුදු හතරක් අපි දැකලා තියෙනවා වෙලා තියෙන වැඩේ ප්‍රශ්න සංකීර්ණයි හෙට සංකීර්ණ විසඳුම් මෙයට කණ්ඩායමක් රටක ක්‍රියාවලිය සංකීර්ණයි විශේෂයෙන්ම උගත්කම තියෙන්න ඕන ්ඩායමක් දිහා බලන කොට එය බලන්න ඕන අපි අපේ දරුවන්ට කියනවා ඉස්කෝලේ යන්න පාඩම් කරන්න සාමාන්‍ය පෙළ කරන්න උසස් පෙළ කරන්න විශ්ව විද්‍යාල යන්න කියලා රටේ පාලකයන්ට උඩ බලාගෙන ඉන්නවද එයාලට ඕන එකක් කරලා මෙතන උඩ ඉඳගෙන ජනතාවට කියන්න අපේ දරුවන් ඉගෙන ගෙන තියෙනවා රටේ පාලකයන්ට වැඩිය මොකක්ද මේ කරන විහිළුවක් පාලනය කරන්න යනවනං නගර සභාවක් වුණත් දැනුමක් තියෙන්න ඕන අපි බලනවා නගරයේ හැටි කියලා බැන බැන යනවා නමුත් දැනුමක් තියෙන්න ඕන කවුරු වුණත් කමක් නැහැ පක්ෂයට වැඩිය පුද්ගලයෙක් දිහා බලන්න කණ්ඩායම දිහා බලන්න කාටද හොඳ කණ්ඩායමක් තියෙන්නේ.

අත්දැකීම තියෙන්නත් ඕන විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා අවුරුදු තුනක උපාධිය අවුරුදු 7කින් කරල බෝඩ් එකක් අල්ලගෙන ඉඳලා අවුරුදු තුන හතරකට ඕක කරන්න බැහැ සමහර අපි වගේ අය ඉන්නවා අපිට උපාධිය තියෙනවා නමුත් වැඩකට ගිහිල්ලා නැහැ උදේට නැගිටලා දත් මැදලා වැඩට ගිහිල්ලා මහන්සි වෙලා අපිට බොස් කෙනෙක් හිටියා අඩුපාඩු කිව්වා බැන්නා හොඳයි කිව්වා bonus දුන්නා උසස්වීම් දුන්නා එහෙම නැත්නම් දුන්නේ නෑ ඔයා මදි ඊළඟ අවුරුද්දේ ගමු එහෙමයි අපි වැඩකරන ඉගෙන ගත්තෙ අද රට ගෙනියන්න අත්දැකීම් නැති අය හුඟක් වෑයම් කරනවා දළ දේශීය නිෂ්පාදනයට සතයක් එකතු කරපු නැති අය ඒගොල්ලො හිතනවා රට ගෙනියන්න පුළුවන් කියලා රට ගෙනියනවා කියන්නේ දළ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ඒක පුද්ගල ආදායම වැඩි කිරිම කියාවල් නිෂ්පාදනය කිරීම අධ්‍යාපනය තියෙන දැනුම තියෙන්න ඕන ඒකෙ දෙකක් නැහැ නමුත් අත්දැකීම තියෙන්න ඕන පාර්ලිමේන්තුවෙත් හුගක් අය ඉන්නවා කරල තියෙන්නෙ දේශපාලනය විතරයි වෙන මොනවත්ම කරල නෑ අත්දැකීම් එච්චරයි මයික්‍රෆෝනය කතා කරන්න පුළුවන් රට ගෙනියන එක විහිළුවක් නෙමෙයි අපි එතනින් එළියට එන්න ඕන රටක් සමාජයක් හැටියට ඡන්දය දෙන්න ඕන කණ්ඩායම බලල ඕන තැනක කණ්ඩායම බලන්න කාටද වැඩියෙන් හොඳ කණ්ඩායමක් තියෙන්නෙ කියලා ඊට පස්සේ ඒ අයට හැකියාව තියෙනවාද කියලා බලන්න ඕනේ ක්‍රියාත්මක කරන්න. සමහර නායකයෝ ඉන්නවා කතාවට හොඳයි ප්‍රතිපත්ති ප්‍රකාශන කියන්න පුළුවන්. හැබැයි හොඳ පාලකයන් දේශපාලනඥයින් අතර වෙනසක් තියෙනවා පාලකයා දේශපාලඥයාට වැඩිය වෙනස් පාලකයට පුළුවන් වෙන්න ඕන ක්‍රියාවට යොදවන්න කමිටු පත් කරලා නෙමෙයි පාර්ලිමේන්තුවේ කමිටු පත් කරනවා විතරයි විධායකය ඇවිත් විධායක තීරණ ගන්න ඕන ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕන මම අහන ප්‍රශ්නය බලන්න පුද්ගලයන්ගේ දිහා වැඩක් කරල තියෙනවද කියල කඩයක්වත් කරලා තියෙනවද ෙම නැති අය ද ප්‍රාදේශි සභාව නගර සභාවක් ගෙනියන්න හදන්නේ ගිහිල්ලා පුටුවල ඉඳගෙන දැනුමත් නැහැ අත්දැකීමක් නෑ කරපු දෙයකුත් නෑ කණ්ඩායම බොහොම වැදගත් ප්‍රතිපත්ති විතරක් නෙමෙයි පුද්ගලයෝ කවුද කියලා බලන්න මේ සියල්ලටම පිරිසිදු මිනිස්සු වෙන්න ඕන වෙන මොනව තිබුණත් වැඩක් නැහැ සදාචාරයක් තිබිය යුතුයි.

සජිත් ප්‍රේමදාසට ජාතික කණ්ඩායමක් තියෙනවද කියලා බලන්න තියෙනවා නම් ඒ පැත්තට ඡන්දය දෙන්න හිතනවා නම් එහෙම කණ්ඩායමක් නැහැ කියලා ඊට වැඩිය හොඳ කණ්ඩායමක් වෙන කොහේ හරි තියෙනවා නම් ඒ පැත්තටත් සලකන්න අපි කියන්නේ විද්‍යාත්මක පදනමින් බලන්න කියලා ජීවිතය වෙනස් වෙන්නේ දේශපාලනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් මේ ගොල්ලෝ ඇත්තටම කරලා තියෙන්නේ මොනවද කරන්න පුලුවන් මොනවද එතනින් තමයි වෙනස් වෙන්න යන්නේ අපේ රටේ අර්බුදය දිහා බැලුවොත් ණය අර්බුදයක් කොටසක් විතරයි එතකොට එතනින් එළියට එන්නේ කොහොමද ආයෝජන හරහා ණය කළමනාකාරිත්වය ගැන තිරසාරත්වය ඇතිකිරීම ජපානය ඉන්දියාව චීනය එක්ක කතා කරලා එක මේසෙකට ගේන්න පුද්ගලික ණය කරුවන් කැමති කරගන්න ඕන මේ සියල්ල කරන්න ඕන අපි ප්‍රාර්ථනා කරනවා ි කියලා මේක අපේ රට අපි විරුද්ධ නැහැ ජාත්‍යන්තර aramudala එක්ක ගිවිසුමකට එයි කියලා ප්‍රාර්ථනා කරනවා අන්තිමට රට ගැලවෙන්නේ එතැනින් නෙමෙයි ආයෝජනය අවශ්‍යයි අපි අහන්න ඕන ප්‍රශ්නය කාටද කණ්ඩායම තියෙන්නේ විදේශ සම්බන්ධතාවයන් වලට විරුද්ධ වෙනවට අපි ආණ්ඩුවට කැමති නැහැ අපි විරෝධය පළ කරන ඡන්දය දෙනවා ඒකෙන් රටක් හදන්න බැහැ අපි ඉන්න කට්ටිය වෙනවට තව කට්ටියක් පත් කරගන්න ඕන කාටද ඒ කට්ටිය ඉන්නෙ සහ විදේශ සම්බන්ධතා ඇති කරන්න පුළුවන් කාටද ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වෙන්නේ කාවද විශ්වාස කරන්න යන්නේ පසුගිය කාලවලදී විප්ලවයේ කියන වචන යොදාගෙන ගමේ බස්සෙකක් පිච්චුවා අපි කතා කරමු කියලා ප්‍රවාහනය ගැන කියනවා මොකක්ද මේ අපි කතා කරන්නේ අධ්‍යාපනය පුළුල් කරන්න හැදුවම වියදම් කරන්නේ නැහැ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ අනිත් අයටත් සපයන්න ඉඩකඩ දෙන්න ඕන හැබැයි ඉඩකඩ ලබා දුන්නේ නැහැ දිගින් දිගටම විරුද්ධ වුණා අද ඇවිත් අපිට විශ්වාස කරන්න පුලුවන්ද මේ අයට දුන්නොත් අධ්‍යාපන ක්‍රමය පුළුල් කරනවා කියලා විශ්වවිද්‍යාල අරිනවා තියා පාසලක් ඇරියාත් විරුද්ධ වුණා .
රජය විතරක් නෙමෙයි අපිටත් අවශ්‍යයි අධ්‍යාපනය ගොඩනඟන්න නමුත් එදා කඩාකප්පල් කර ආසියාවේ අධ්‍යාපනය මධ්‍යස්ථානය දිහා බැලුවොත් හෝ කොහේද මේ අම්මලා දරුවන් යවන්නේ ආසියාවේ රටවල් වලට යවනවා ජපානයට කොරියාවට මැලේසියාවට යවනව ි මොනවද කරලා තියෙන්නේ දේශපාලන අරමුණු ඉෂ්ට කරගන්න අපි අපේ රට නැති කරලා තියෙනවා තරුණ පරම්පරාව නැති කරලා තියෙනවා විදේශ සම්බන්ධතාවයන් අවශ්‍යයි පිටරට විශ්ව විද්‍යාලයක් මේ රටට ඇවිල්ලා ආරම්භ කරන්න යන්නේ නැහැ මේ ආණ්ඩුව යටතේ විශ්වාසයක් නැහැ මට තවම මතකයි dharmapala mawatha මේ ආසන්න බැංකුවක 1988 සේවකයන්ට කිව්වා සද්ද කරන්න එපා ලයිට් නිවන්න කියලා නමුත් අපි බැංකු වැඩ කරා හේතුව එදා LC එක ඇරියේ නැත්තම් රටට එන අත්‍යවශ්‍ය ආහාර ගේන්න වෙන්නේ නැහැ මේ රට ගොඩනගන්න බෑ ජාත්‍යන්තර සම්බන්ධතාවයක් නැතුව සංවෘත මානසිකත්වයෙන් එළියට එන්න ඕන දූපතක් විදේශ සම්බන්ධතාවයන් ආයෝජන අවශ්‍යයි ණයවලින් ගොඩනඟන්න බැහැ මොකද ණය ගෙවා ගන්න බැහැ ඒ නිසා අපි ප්‍රාග්ධනය දාන්න ඕන අපිට පේන්න ප්‍රාග්ධනය සීමිතයි.

ඊයේ පෙරේදා මාධ්‍යයෙහි ලොකුවට දැක්කා රුපියල් බිලියන අට සියයක් අලාබයි කියලා රාජ්‍ය ව්‍යවසායක 22 ඡන්දය තියන්න කීයද ඕන බිලියන 6,7යි බිලියන 800ක් මේ අවුරුද්දත් තුළදී අලාභය රාජ්‍ය විවසාය මොනවද මේ කියන ගණන් බිංදු දන්නෙ නැද්ද දන්නෑ මේ කතා කරන මිනිස්සු ඔය කතාවක් කියන්න එන්න එපා බිලියන අටසීය අපි අවම කරන්න ඕන නැත්තං බදු ගෙවන අයගේ මුදල් ඒකට යන්නේ දහස් ගණනක් වැඩ කරන එක ඇත්ත නමුත් මේ රටේ ජීවත් වෙන්නේ මිලියන කෝටි ගණන් ඒ අයගේ මුදල් වැරදි රාජ්‍ය ව්‍යවසායකයට යොදන එකෙන් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ඕන ඒවා ප්‍රතිසංස්කරණය කරන්න යනකොට කියනවා දේශීය සම්පත් විකුණනවා කියනවා බලන්න මේක විදේශ කුමන්ත්‍රනයක් කියනවා දැන් අවුරුදු හතළිහක් ම කිව්වා ඒ තුළින් තමයි රට නැති වුණේ මේ මිනිස්සුන්ට පුලුවන්ද ඇවිත් ආර්ථිකය ගෙනියන්න ප්‍රතිපත්ති එකක් කණ්ඩායම නැහැ අත්දැකීම් නැහැ කරලත් නැහැ මම අද වෙනකන් ස්තූතිවන්ත වෙනවා මංගල සමරවීර ඉන්නකොට හිටගෙන කෙලින්ම ටෙලිකොම් ආයතන වෙනස් කළා ඒ නිසා තමයි අධාපන දුරකථනය මත් තියෙන්නෙ හරි තීරණය එයා එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකට කමක් නැහැ හරි ප්‍රතිපත්තිය ගත්තා ශ්‍රී ලංකන් ගුවන් සේවය එදා ආවා අද ඒක නැති කලා අද එහි පාඩුව රුපියල් බිලියන ගණන් මේ මැතිවරණය ගැන කතා කරල බිලියන හයක් හතක් නැහැ කියනවා ඉලක්කම් දන්නැතිවයි මේ කතා කරන්නේ.

රාජ්‍ය විවසාය කොහොමද ප්‍රතිසංස්කරණය කරන්න යන්නේ කවුද විශ්වාස කරන්න යන්නේ ජාත්‍යන්තර සම්බන්ධතාව අවශ්‍යයි ජාත්‍යන්තර ආයෝජනය අවශ්‍යයි නැතුව රට ගොඩනගන්න බැහැ.

බලශක්තිය ගත්තම දැනටත් හෝ පැය දෙකයි විනාඩි දහයක් විදුලිය කපනවා දරුවන්ට ඉගෙන ගන්න බැහැ මදුරුවො වැඩි වෙලා කුඩා දරුවන් ඉන්නවනම් අම්මලා තාත්තලා මේ ප්‍රශ්නය දන්නවා ඔන්න අපේ විදුලි අර්බුදය නමුත් පුනර්ජනනීය බලශක්තිය ලබා ගන්න විශාල අපිට හැකියාවක් තියෙනවා සූර්ය බලය තියෙනවා සුළඟ තියෙනවා මුහුද ගැන කතා කරන්නේ නැහැ ඒකෙ වෙනම එකක් මේ දෙකෙන් විතරක් වර්තමානයේ විශේෂඥයන් පෙන්වා දී තියෙනවා mw 40,000 කට වැඩිය තියෙනවා කියලා වගකීමෙන් කියන්නේ.

ඊජිප්තුවේ තියෙන රාජ්‍ය නායක සමුළුවට මමත් ගියා පාර්ලිමේන්තු මන්ත්‍ රීවරයෙක් හැටියට එහිදී පුනර්ජනනිය බලශක්තිය ගැන බැලුවා හතළිස්දාහකට වැඩිය ලංකාවේ තියෙනවා පුත්තලම ඉඳලා මන්නාරමට එනකොට sulanga සූර්යාලෝකය හරහා දෙන්න පුළුවන් භූතානය නේපාලය මංගල දේශය රටවල් තුනක් ඒගොල්ලොත් පුනර්ජනනීය බලශක්තිය නිෂ්පාදනය කරලා ඒවා අපනයනය කරනවා අපිට අපේ රටේ ප්‍රශ්න විසඳ ගන්න බැරිව දඟල දඟල ඉන්න හැකියාවක් තියෙනවා පුනර්ජනනිය බලශක්තිය තියෙනවා කියලත් විශේෂඥයෝ කියනවා නමුත් අපි ඒක පොඩි දෙයක් එහිදී අපනයන කරන්නත් පුළුවන් ඉන්දියාව වගේ රටවල බලශක්තිය ලොකු ඉල්ලීමක් තියෙනවා මේ කතාව හිතන්නේ පරණ විදිහට සංවෘත මානසිකත්වය අපේ සම්පත විකුණන්න එපා දෙයියනේ සුළඟයි සූර්යාලෝකය විකුනන්නෙ නැතුව ඉන්න බෑ කියන්නේ මේ වගේ මෝඩ යන්ටද අපි රට පාලනය කරන්න දෙන්න යන්නේ ඉස්සර කිව්වා පස් යට තියෙනවා නම් විකුණන්න එපා කියලා ඒ නිසා අපි විකුණුවේ නැහැ ගෝනිවල දදා දශක ගනන් වලට ගෙවනවා ඒකට ඇත්තටම ආයෝජනය ගෙනල්ල අගය කළා නම් මීට වැඩිය හුඟක් මේ රටේ ධනය ඇති කරන්න පුළුවන් වෙනවා අවට කියන ගම්මාන විශාල ආර්ථික පරිවර්තනයක් කරන්න තිබුණ නමුත් ඒකට ඉඩ දුන්නේ නැහැ දැන් මොනවද කියන කතාවක් බලශක්ති වලට විදේශ අයෝජකයින් ගන්න බැහැල්ලු මොකක්ද මේ කරන විහිලුව සූර්යාලෝකය අපිට විතරක් නෙමෙයි හැමෝටම ලැබෙනවා සුළඟ හැමෝටම ලැබෙනවා ස්වභාවධර්මයෙන් ලැබෙන දෙයක් ඒක පාවිච්චි කරන්න මිනිසුන්ගේ යහපත සඳහා එයට අපිට වැඩපිළිවෙළක් තියෙනවා කණ්ඩායමක් ඉන්නවා පුනර්ජනනීය බල ශක්තිය වැඩි කරනවා ඒකට ආයෝජන ලබාගන්නවා ඒකයි කිව්වේ කණ්ඩායමක් පත්කර ගන්න විදේශ සම්බන්ධතාවයන් තියෙන විදේශ ආයෝජනය ගේන්න පුළුවන් කණ්ඩායමක් පත් කර ගත යුතුයි එහෙම නැතුව මේක කරන්නම බැහැ.

රට දියුණු කරන්න යනවනං මේ රටේ දූෂණය තියෙනවා ඒක නැති කරන්න ඕන ජනාධිපතිතුමා කතාවේදී කිව්වා එතුමා star program එක හොරකම් කරලා පිටරටවල සහ වෙන තැන් වල හංගගෙන ඉන්නවනම් ධනය ඒ නීතියත් එයාගේ දූෂණ විරෝධී පනත ට ගේනවා කියලා කිව්වා ඊට අමතරව පාර්ලිමේන්තුවේ මම ඉදිරිපත් කරල තියෙනවා වත්කම් බැරකම් ප්‍රසිද්ධි කිරීමේ පනත ඒකත් ඉක්මනට ගේන්නේ කියලා ඉල්ලනවා ඕවා ඔක්කොම පනහේ මොනවා ගෙනාවත් ඒවා ක්‍රියාත්මක කරේ නැත්නම් වෙනසක් වෙන්නේ නැහැ පනතේ තියෙන්න පුළුවන්. නීතිය තිබුනත් ක්‍රියාත්මක කරන්න ඕන දූෂණයත් එහෙම තමයි ඉක්මනින් පනත් ගේන්න. එම නීති ක්‍රියාත්මක කරන්න ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් ස්ථාපිත කරන්න නමුත් ඒ ගැන නිහඬව ඉන්නවා එතකොට තමයි හොරකම් කරන දේශපාලඥ විතරක් නෙමේ නිලධාරී පන්තියක් ඉන්නවා මේ අය ඔක්කොම නීතියට යටකරල සාධාරණත්වයක් ඇති කරන්න ඕන.