දඹර ඇගිල්ලෙන් රට කරන්න බැරි බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිතුමාට ප්‍රකාශ කළේය .

මේ රටේ ජනාධිපතිවරයා දඹර ඇගිල්ල කරකවමින් ගොවියන්ගේ බෙල්ලෙන් අල්ලන්න පුලුවන් බව ප්‍රකාශ කළ බව කියන හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිට අභියෝගයක් කළේය .

එනම් එළබෙන 16 වනිදා ලාංකාවේ ගොවින් ලක්ෂ 20ක් මහපාරට එන බවත් පුලුවන්නම් ගොවින්ගේ බෙල්ලෙන් අල්ලා පෙන්වන ලෙසයි .

පළමු වසර සර් ෆෙල් යන නම තමන් විසින්  ඉදිරිපත් කළ බවත් එළබෙන 16ට වසර 2ක් සම්පූර්ණ වෙන බවත් දෙවන වසර සදහා සුදුසු නමක් ලබා දෙන මෙන් හරින් ප්‍රනාන්දු මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.