ආසියානු ක්‍රිඩා උළෙල දී වසර 21 පසු රන් පදක්කමකින් අප රට දිනවූ තවමත් 18 වැනි වියේ පසුවන තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට සිය සුබ පැතුම් එක්කර සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පළමුව සභාව අමතමින් පැවසීය.

එසේම ඇයව මේ ක්ෂේත්‍රයට ගෙන ආ මහනුවර වලල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට ද සිය ස්තූතිය පුද කර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය. ඊට අමතරව ආසියානු ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්, මීටර් 400 සහාය දිවීම කාන්තා හා පිරිමි ඉසව්වෙන් ද රිදී සහ ලෝකඩ පදක්කම් ලැබූ සියලු දෙනාට ද තමා ඇතුළු පාර්ලිමේන්තුවේ 225ටගේම උණුසුම් සුබ පැතුම් පිරිනමන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.