පොහොට්ටුව මොකක්ද, UNP එක මොකක්ද කියල සොයාගත බැරි තරම් රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ අනුගාමිකයකු වී ඇති බවත් පසුගිය කාලවකවානුවේ බලය ලබාගැනීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල් වාදය, ලිච්ඡවී පාලන ක්‍රමය පිලිබදව සාකච්ඡා කල ඔහු දැන් පොහොට්ටුවේ පසුගාමී මතවාදයට පක්ෂපාතිව කටයුතු කරන බව අද පැතිකඩ වැඩසටහනට සහබාගී වෙමින් මුජිබර් රහ්මාන් මහතා පැවසීය.

ජානතාව ඔහුව ප්‍රතික්ෂේපකර තිබියදී ජනමතයකින් තොරව ගෝත්‍රික මානසික තත්වයෙන් බලය ලබාගෙන, මේ රට බංකොලොත් කල පිරිස සමග කටයුතු කිරීම බරපතල තත්වයක් බවත් රනිල්ගේ ඔලුවේ දැන් ඩී. එස් සෙනනනයක ප්‍රතිපත්තිවත්, ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රතිපත්තිවත්, ජේ අර ජයවර්ධනගේ ප්‍රතිපත්තිවත්, ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්තිවත් නැති අතර ඔහුගේ ඔලුවේ තිබෙන්නේ පොහොට්ටු දහම පමණක් බවත් රහ්මන් මහතා මෙහිදී අවධාරණය කළේය.

බලය රැකගැනීමට පක්ෂය පවා පාවාදුන් නායකයෙක්

මොහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වශයෙන් සිටියදී පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර, පක්ෂය තුළ සිටි දක්ෂ පිරිස් ප්‍රතික්ෂේප කර තම බලය පමණක් රැකගැනීමට කටයුතු කළ නායකයෙක් බවත් පොහොට්ටුවේ ලේකම් සහ මහින්ද රාජපක්ෂ පවා පොහොට්ටුවේ මතය වෙනුවෙන් පෙනී සිටීම උදෙසා රනිල් වික්‍රමසිංහට කෘතඥතාවය දැක්වූ බවත් ඔහු පැවසීය.

එම වැඩසටහනේදී මුජිබර් රහ්මන් මහතා වැඩිදුරටත් දැක්වූ අදහස් පහත වීඩියෝ පටයෙන්,