ලංකා දේශපාලනයේ හිරිකිතම දේශපාලඥයා විමල් වීරවංශ මහතා බවත් රටේ ජනතා මතයත් එක්ක සිටින්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු හැටපස් දෙනා පමණක් බව සමගි ජන බලවේගයේ හෝමාගම ආසන සංවිධායක නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“අපි හැමෝම දන්නවා දේශපාලනය කියන්නේ ගේම් එකක්. හැබැයි ඕනෑම ගේම් එකක් සදාචාර මට්ටමේ සීමාවේ ඉදන් කරන්න ඕන එහෙම නැති වුණොත් එය හිරිකිත ගේම් එකක් වෙනවා. මේ අවස්ථාවේ ලංකා දේශපාලනයේ හිරිකිතම දේශපාලඥයා තමයි විමල් වීරවංශ කියන්නේ. තමන්ගේ පංචස්කන්ධය ඇතුළෙ තියෙන ආත්මය මේ විදියට ගණිකා වෘත්තිය යොදවන්නේ කොහොමද කියලා අපිට හරි පුදුමයි.ඊයේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය තේරීමේ අවස්ථාව තිබුණා මීට පෙර විමල් ,සිරිසේන ඇතුළු කණ්ඩායම මොනවද කිව්වෙ එතුමා කිව්වේ අවලස්සන ඇමරිකානුවා කියලා රාජපක්ෂවරු ඉන්නකං රාජපක්ෂවරු එක්ක කිසිදු දේශපාලන ගනුදෙනුවක් නැහැ කිව්වා එහෙම කියපු විමල් මීට දවස් දෙකකට පෙර බැසිල් රාජපක් එක්ක ආණ්ඩුව හදන්න සාකච්ඡා කළා ඒත් එක්කම අපිට මතකයි ඔය විමල් වීරවංශ ම තමයි ගෝඨාභය රාජපක්ෂව මේ රටේ ජනාධිපති කරද්දි මහතීර් මොහොමඩ් ලී ක්වාන් යූ රුසියාවේ පුටින්ගේ මිශ්‍රණයක් හැටියට ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරලා සිංගප්පූරුවක් බවට මේ රට පත් කරනවා කියලා කිව්වේ .අද ඒ ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රට මේ වගේ ආර්ථික අගාධයකට ලක් කරල තියෙන්නේ ඔය විමල් වීරවංශම තමයි වෛද්‍ය සාපි ව උපයෝගී කරගෙන වඳ සැත්කම් කර සාෆි බවට පත් කළේ.ඔය විමල් වීරවංශම තමයි වද කොත්තු වද බ්‍රා වගේ දේවල් සමාජගත කළේ. එහෙම වීරවංශ ඊයේ පොහොට්ටුව එක්ක එකතු වෙලා පොහොට්ටුව සහයෝගය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ව හිටපු නියෝජ්‍ය කතානායක වරයා නැවතත් නියෝජ්‍ය කතානායක වරයා බවට පත් කරන්න අත ඉස්සුවා ඇත්තටම එය අත ඉස්සීම පමණක් නෙමෙයි මේ රටේ ජනමතයට විමල් වීරවංශය ඊයේ පාර්ලිමේන්තුවේ ඉඳන් රෙද්ද ඉස්සුවා ඒක තමයි ඇත්තටම ඊයේ කලේ අපිට ලැජ්ජාවක් තිබුනට විමල් වීරවංශ ලැජ්ජාවක් නෑ ඒ ඡන්දය දීලා එලියට ඇවිත් ජනමාධ්‍ය කැඳවලා නැවත වතාවක් තමන් කරපු වැඩේ සාධාරණීකරණය කරන්න හිතාගන්නවත් බැරි ටොංපචං කිව්වා. මට තේරෙන්නෙ නැහැ මේ යක්කු තමන්ගේ ආත්මය මරලද රට ඉස්සරහට ඇවිත් කතා කරන්නේ කියලා. ඒ නිසා විමල් සිරිසේන ඇතුළු නඩයට කියන්න තියෙන්නේ දේශපාලන වීදි ගණිකාවෝ කන්‍යාභාවයේ වටිනාකම ගැන කියන්න ගියාම බලන් ඉන්න අපිට දැනෙන්නේ හරි අප්පිරියාවක්. ඒ නිසා රටේ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඇතුලේ බැරක්ක GI බට ගහලා වටකරගෙන රටේ මිනිස්සු රැවටුවාට තව මාස හයකින් අවුරුද්දකින් ජනතා වේදිකාවට මේ සියලු දෙනාට එන්න වෙනවා .අන්න එදාට මේ රටේ මහජනතාව විමල් වීරවංශ සිරිසේන ඇතුළු ස්වාධීන යැයි කියලා බොරුවට දේශපාලන සරණාගතයෝ වෙලා ඉන්න සියලු දෙනා සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනීවි කියලා අපි විශ්වාස කරනවා.

ඒත් එක්කම ඊයේ දේශපාලන සුජාතභාවය විනාශ කරලා මේ රටේ සියලු පුරවැසියන් අවජාතකයෝ බවට පත් කිරීමේ ඡන්දයේ දී අත උස්සපු විමල් වීරවංශ අන්තිමට කියනවා මේක මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ගේ මෑණියන් තිරු නඩේෂන් එක්ක සාකච්ඡා කරලා කරපු කුමන්ත්‍රණයක් කියලා. යකෝ තිරු නඩේෂන් එක්ක සාකච්ඡා කරානග නම් එකේ නියෝජ්‍ය කතානායක හැටියට විපක්ෂයේ නම් කරන්න ඕන එක්කෝ නාමල් රාජපක්ෂ ෂශේන්ද රාජපක්ෂ නිපුන රණවක එහෙම නැත්නම් අවලස්සන ඇමරිකානුවා කියන බැසිල් රාජපක්ෂව.අපි නම් කෙරෙන් මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 මත් මේ රටේ ලෝකේ සියලු දෙනා අපි ඒකත් ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමා. ඒකයි ඇත්ත ඒ නිසා එදා වඳ කොත්තු නිර්මාණය කරා වගේ ජනතා විමුක්ති පෙරමුණේ ආත්මය පාවා දීලා මහින්ද රාජපක්ෂ වරු එක්ක එකතු වුනා වගේ මහින්ද රාජපක්ෂ ට රජවරුන් ගේ සළු පිළි අන්දලා මේ රටේ මිනිස්සු ගොනාට ඇන්දුවා වගේ තවදුරටත් මේ රටේ මිනිස්සු ගොනාට අන්දන්න බැහැ එම නිසා ඊයේ ඉතාමත් පැහැදිලිව පෙනුණා මේ රටේ ජනතා මතයත් එක්ක ඉන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු හැටපස් දෙනා විතරයි අනිත් 148 ම මේ රටේ ජනමතයට විරුද්ධව ඉන්නේ ඒ නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඒ 148 දෙනාට මේ රටේ ජනතාව ඉදිරියට ඇවිත් කියන්න දෙයක් නෑ.”

යනුවෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .