එළබෙන අගෝස්තු මාසයේදී වත්මන් ආණ්ඩුව කොටස් තුනකට කැඩෙන බවත් එවිට වැඩි බහුතරයක් පෙන්වා පාර්ලිමේන්තුව විසුරුවා හැහැරීමෙන් අනතුරුව මහමැතිවරණයක් පවත්වා සමගි ජන බලවේගය බලය ලබා ගන්නා බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් මරික්කාර් මහතා පවසයි.

වැඩි දුරටත් පැවසු මරික්කාර්  මන්ත්‍රීවරයා,

“අපි ඉතාම ඉක්මනින් ආණ්ඩුව ගන්නවා දැන් අහන්න පුළුවන් කොහොමද ගන්නෙ කියලා. අගෝස්තු මාසය වන විට මෙය ආණ්ඩුව තුනට කැඩෙනවා මේ ආණ්ඩුව සිරිසේන මහත්තයයි වාමාංශික අයයි එක කණ්ඩායමකට යනවා ඊට අමතරව බැසිල් රාජපක්ෂ මහත්තයා එතුමාගේ ගෝලයෝ කියලා හිතන්න 50ක සෙට් එකක් මේ විපක්ෂය පැත්තට එනවා එහිදී බහුතරය අපි අත්සන් කරලා දීලා මේ පාර්ලිමේන්තුව විසුරු වල තමයි  රට කාපු පවුල පලවා මැතිවරණයකින් හරින්නේ .

අපේ විසඳුම තමයි ණය බර දරාගන්න බැහැ අපි විදේශීය ණය තියෙනවා ඩොලර් බිලියන 30ක ප්‍රමාණය අපට ආදායම් මාර්ගය ක්‍රම හතරයි තියෙන්නේ ඩොලර් එන එකක් විදේශ ශ්‍රමිකයන්ගෙන්, අපනයනයෙන්, සංචාරක කර්මාන්තයෙන්. සහ විදේශ ආයෝජනයෙන් මෙහිදී කරන්න තියෙන්නෙ යම් ප්‍රමාණයක් ඇඟලුම් අපනයනය සහ විදේශ ශ්‍රමිකයන්ගේ එන ආදායම ණය ගෙවන්නත් මදි වෙලා මේ විදේශීය ශ්‍රමිකයන් තමයි 2019 නොවැම්බර් මාසයේ කාලය තමන්ගේ අතින් ටිකට් අරන් මේ රටට ඇවිත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න ඡන්දය දුන්නා ඒ අයට මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැහැ .ඒ නිසා මාසෙකට එන ඩොලර් මිලියන 600ක් එවන අය අද එවන්නේ දෙසීයකට ආසන්න ප්‍රමාණයක් බලෙන් රුපියල අල්ලගෙන ඉන්න නිසා මුදල් එවන්නේ නැහැ  මේ ගොල්ලොන්ට තමන්ගෙ බොරු වලට නිසි වටිනාකමක් ලැබෙන නිසා ඩොලර් එළියේ 240 ගන්න පුළුවන්කම තියෙද්දි 200ට එවයි ද අපට දැන් ණය ගෙවන්න සල්ලි මදි ඒ නිසා තවත් ණය ගන්න තත්වයට ඇවිත් නමුත් ණය ගන්න බැහැ එහෙනම් කරන්න ඕන  ණය වාරික ගෙවන එක කල් දමා ගන්න පුළුවන්ද බලන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව යුරෝපීය සංගමය අපි කියන්න ඕන මෙන්න අපට ප්‍රශ්නයක් තියෙනවා ණය ගෙවා ගන්න බැහැ කියලා සහන කාලයක් ගන්න ඕන හැබැයි කිව්ව පලියට දෙන්නෙ නැහැ ඉල්ලීම් කරන අයගේ විශ්වාසයක් තියෙන්න ඕන වැඩ පිළිවෙල හරිද බලන්න මේ ආණ්ඩුවට එහෙම යන්න බැහැ යන්න පුළුවන් අපිට විතරයි ජාත්‍යන්තර පිළිගැනීම, විශ්වාසය ,දැනුමක් ,හැකියාවක් තියෙන්නේ අපිට විතරයි. ඒවගේම මේ කළු සල්ලි සුදු කරන පනත අපි අහෝසි කර ගන්නවා .අහෝසි කරලා ආයෝජකයන් දිරිගන්වනවා. සංචාරක කර්මාන්තය ඩොලර් බිලියන 5ක් දක්වා වැඩි කරගන්න වැඩපිළිවෙළ කරනවා

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් මාධ්‍ය නිදහස නීතියේ ආධිපත්‍ය තහවුරු කරලා පුරවැසි නිදහස ශක්තිමත් ස්ථාවර රටක් බවට පත් කරනවා  ආයෝජකයන් දිරිගන්වනවා කියලා එහි ආදායම පෙන්නනවා කෘතිම ආර්ථික රාමුවක් හදන්නේ නැතුව ස්වභාවික ආර්ථික රාමුවක් හදලා අපේ රට විදේශ ශ්‍රමිකයන් එන ස්වභාවික ආදායම ගෙන්වන විදිය පෙන්නන්න ඕන එහෙම පෙන්නුවම අපට පේනවා අවුරුද්දකට ඩොලර් බිලියන 20ක් විතර විදිය . එහිදී සහන කාලයක් ආවම ඩොලර් බිලියන 20ක ආදායමක් තියෙනවා නම් අපේ රට ගොඩ දාන්න බැරිද ?පුළුවන්, අර කොන්දේසි මේ කොන්දේසි කියලා බොරු බයිලා ගහනවා හැමදාමත් ඔය වාමාංශික යක්කු ටික මේ රට කෑවෙ ඔය විදිහට තමයි.”

මේ බව කියා සිටියේ අද (27) විපක්ෂ නායක කාර්‍යලයේ දීය.