ආණ්ඩුව තුනෙන් දෙකක හා විසි වන ආණ්ඩුක්‍රම සංශෝධනය සම්මත කිරීමෙන් ආණ්ඩුවට අසීමිත බලයක් තිබීයදීත් ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් ඇමතිවරු හා මන්ත්‍රීවරුන් ජනතාව රැවටිමට විවිධ දේවල් සිදු කරමින් සිටින බව හිටපු ආමත්‍ය කාටන ආසන සංවිධායක විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි .

ඔහු මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පවසා සිටි විජිත් විජයමුණි සොයිසා,

“රටේ ජනතාව දන්නවා හැට නම ලක්ෂයක ජනවරමක් ආණ්ඩුවට ලබාදුන් බව. නමුත් එය ප්‍රමාණවත් නැහැ කියලා තමන්ගෙ සහෝදරයා අගමැති කරන්න අවශ්‍යයි කිව්වා. ජනතාව එයත් ලබා දුන්නා ඊට පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉල්ලුවා ජනතාව එකත් දුන්නා. දැන් ශක්තිමත් ආණ්ඩුවක් විධායක බලය සහිතව දැන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි 19 සංශෝධනය කරලා ජනතාවට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මංකොල්ලකාලා අරගෙන තමන්ගේ බලය වැඩි කර ගන්නා වූ විසි වෙනි සංශෝධනය තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කර දුන්නා. දැන් පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකක ඡන්දයක් ලබා දීපු අය සියලු බලය ලබා දීලා තියෙනවා. ඒත් සමහර කිඹුල් කඳුළු හෙළනවා ජනතාව රවට්ටන්න විවිධ නාඩගම් කරන්න හදනවා.

අද පුදුම කතාවක් ජනාධිපතිතුමා කියනවා එය එතුමා පත් කළ වියත්මගේ ආචාර්ය මහාචාර්යවරුන් ලේකම්වරු එතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ නැහැ කියනවා. එහිදී ජනතාවට කියන්න තියෙන්නෙත් දීපු පොරොන්දු සියල්ල සර් ඉටු කරන්නෙත් නැහැ කියලා ඒ කියන්නේ ගෝලයොත් ෆේල්, සර් ත් ෆේල්. ඒ නිසා අපි කියනවා ජනාධිපතිවරයාට අද බැරි වෙලා තියෙනවා ගම්මන්පිල, විමල්, වාසු ,අයින් කරන්න ඔහු කියනවා අයින් වෙන්න කියලා අර ගොල්ලො කියනවා නෑ අපි අයින් වෙන්නෙ නෑ කියලා එහෙම නම් ඇමති, කෙනෙක් ලේකම් කෙනෙක්, සංස්ථා සභාපති කෙනෙක්, පත් කරන්න කොන්දක් නැති ජනාධිපති කෙනෙක් කොහොමද රට හදන්නේ. ජනතාවට තියෙන ප්‍රශ්නය ඒකයි ජනතාවට සහනයක් රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ජනාධිපතිට නැහැ කියන එක අද ඔප්පු වෙලා ඉවරයි. එය කවුරුවත් කියන කතාවලින් නෙවෙයි එතුමා කියන කතාවලින් . රජ කාලේත් ඒ ගැන හොද කතා තියෙනවා.එය කියන දෙයක් කරන්නත් බැරි හිතලා දෙයක් කරන්න බැරි රටේ නායකයෙක් . අද අපේ රටේ නායකයාට වෙලා තියෙන්නෙත් ඒකයි. සුදේවටයි , කිංස්ලි ටයි කියනවා ප්‍රවේසම්වන්න. මොකද තව ටික දවසක් ගිහින් කියයි අනේ මුන් දෙන්නා ලියල දීපු තමයි මම කිව්වේ මම මොකුත් දන්නේ කියයි.

අද ආර්ථික අර්බුදය කොහොමද විසදන්නේ ඒයට පී බී ජයසුන්දර වෙනුවට ගන්නවා (G.S) ගාමිණී සේදර එය කැහි ගෑණි දීලා හොටු ගෑනි ගත්තා වගේ වැඩක්. මේ සියල්ල නඩු තිබිච්ච අය. නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙච්ච අය .අපිට කියන්න තියෙන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා .ඒ නිසා වෙන කියන්න දෙයක් නෑ විසදෙන ආර්ථික ගැටළුවක් නම් අපට පෙනෙන්න නැහැ.”