සමගි ජන බලවේගයට අනුබද්ධ තරුණ සංවිධානය වන සමගි තරුණ බලවේගය දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතාගේ සංවිධානයෙන් සමාරම්භක උත්සවය අද (15) පෙරවරුවේ දෙවිනුවර ආසනයේ දික්වැල්ලේදී පැවැත්විනි.

සමගි තරුණ බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානයක මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සදහා දෙවිනුවර ආසනය නියෝජනය කරමින් තරුණ තරුණියන් 300ට ආසන්න පිරිසක් සහභාගී විය.

balavegaya FB IMG 1642241350584

සමගි තරුණ බලවේගයේ දෙවිනුවර ආසන බල මණ්ඩලය සදහා තනතුරුවලට අදාලව තරුණ තරුණියන් ඔවුන්ගේ කැමැත්ත මත ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් තෝරාපත්කර ගැනීමටද කටයුතු කරනු ලැබීය.

මෙම අවස්ථාවට සමහි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ, සමගි තරුණ බලවේගයේ උප සභාපති හා මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක නීතිඥ තාරක නානායක්කාර, ගාලු දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් ඇතුලු පිරිසක් එක්විය.

balavegaya FB IMG 1642241373696
balavegaya IMG 20220115 WA0073
balavegaya IMG 20220115 WA0069
balavegaya IMG 20220115 WA0070