හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවල සභාපතිවරු හිටපු තනතුරුවලින් ඉවත් කරමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරමින් අභියාචනාධිකරණය ඊයේ (27) දහවල් අතුරු තහනම් නියෝගයක් නිකුත් කලේය.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරික උදයංග විජේරත්න, සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ජෙ.තිලකරත්න යන මහත්වරුන් ජනාධිපති නීතිඥ පරමාන් කාසීම් මහතා මගින් අභියාචනා අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ උතුරු මැද ආණ්ඩුකාරවරයා, ආණ්ඩුකාර ලේකම් වරයා, පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ උතුරු මැද පලාත් පාලන කොමසාරිස්වරයාය.

අභියාචනා අධිකරණය ලබාදුන් මෙම අතුරු තහනම් නියෝගය අනුව පෙත්සම්කාර හොරොව්පොතාන සහ කාහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා සභාපති වරුන්ට යළි එම තනතුරුවල රාජකාරි කිරීමට නීතියෙන් ඉඩ සැලසී ඇත.

ඒ අනුව අලුතින් පත් කළ සභාපතිවරු දෙදෙනාගේ තනතුරු අහෝසි වනු ඇත.