එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිබත් වීමෙන් පරිසර සිදු වූ හානිය වෙනුවෙන් ආණ්ඩුව වන්දි ලෙස ලබාගෙන ඇත්තේ ඩොලර් මිලියන 3.6 ක් බවත් නමුත් එම මුදල පරිසරට සිදු වු හානියට ප්‍රමාණවත් නොවන බව සමගි තරුණ බලවේගය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත දිසානායක මහතා කියා සිටියේය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

” නිව් ඩයමන්ඩ් නෞකාව සහ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව තුලින් විශාල පරිසර හානියක් අපේ මුහුදු තීරයට සිදු වුණා ඒ ගැන ආණ්ඩුව මේ වෙනකොට මොකක්ද කරලා තියෙන්නේ. ඩොලර් මිලියන 3.6 පමණයි ආණ්ඩුව වන්දි ලබාගෙන තියෙන්නේ. එච්චරයි පරිසර හානිය වෙනුවෙන් අලාභය ගත්තේ. රජය කිව්වා අනිවාර්යෙන් මේකට වන්දි ලබා ගන්නව කියලා නමුත් හරියට අරගෙන නැහැ. මේවා හෙමින් පාපිස්සට යට දමන්නයි ආණ්ඩුව උත්සහ කරන්නේ මේවට ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක්” නොමැති බව මයන්ත දිසානායක මන්ත්‍රීවරයා පවසා සිටියේය .

“කෘෂිකර්මයේ විනාශය නිසා ගොවි ජනතාවට යම්කිසි වන්දියක් දෙනවා කියල පොරොන්දු වුණා හැබැයි අද වෙනකම් ඒ ගැන කතාවක් නැහැ.ගෑස් පිපිරීම් වලටත් වන්දියක් දෙනවා කියලා කිව්වා ඒ ගැන කතාවක් නැහැ. මේක මාධ්‍ය සංදර්ශනයක්. ආණ්ඩුව ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්නෙ නැතිව ආණ්ඩුව කරන්නේ දවසින් දවස අලුත් අර්බුද නිර්මාණය කරමින් ජනතාවගේ අවධානය වෙනත් පැත්තකට හරවන” බවද අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් කියා සිටියේය .