දීර්ග කාලයක් සේවා දිගු ලබමින් සේවයේ සිටි හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමෙන් පසු ඊයේ දිනයේදී වැඩ බලන පොලිස්පතිවරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබේ.

එම පත්කිරීම කාදිනල් හිමිපාණන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කතෝලික සභාව ඊයේ දිනයේ මාධ්‍ය සාකච්චාවක් කැඳවමින් අවධාරණය සිටියා.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේ,මාධ්‍යය වෙත ඉදිරිපත් කරමින්.

වැඩබලන පොලිස්පත්වරයා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් එම පත්කිරීම දැඩිලෙස ප්‍රතික්ෂේප කරන බවත් උන්වහනසේ අවධාරණය කර සිටියා.

උන්වහන්සේ මෙය හදුන්වනු ලබන්නේ, පාස්කු වින්දිතයන්ට කළ විශාලම අවමානය ලෙසයි.