ඉමියුනෝග්ලොබියුලින් ඖශධය ගෙන්වීම පිළිබඳව ප්‍රශ්න කිරීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම සිද්ධිය පිළිබඳව චෝදනා එල්ලවී තිබෙන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසට ගොස් තිබෙන බව  පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ඊයේ සඳහන් කර තිබුණා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පිරිසක් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමුවකට සහබාගී වෙමින් රවී කුමුදේශ් මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පර්ලික්ෂණය නිවැරදිව කරන්නේ නෑ කියන චෝදනාව ආරෝපණය කරන්න පුළුවන් විදියේ ක්‍රියාදාමයන් වලට එලබීම තුලින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව මහජනතාවගේ තිබෙන විශ්වාසය කවිය හැකි බවයි.

වැඩිදුරටත් ඔහු කියා සිටියේ මේ වන තෙක් හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් අත්අඩංගුවට ගැනීම දක්වා මෙම පර්යේෂණය යම්කිසි සාදනිය මට්ටමින් සිදුවූ  බවත්, මින් ඉදිරියටත් ජනතාවගේ සෞඛ්‍ය බරපතල ලෙස හෑල්ලු කරමින් සිදුකල මෙම වංචනික ඖශධ මගඩිය පිළිබඳව කිසිවෙකුට විශේෂත්වයක් නොකර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගබලාගත යුතු බවයි.