කුරුන්දිමලේ විහාරය සම්බන්ධයෙන් දුන් තීන්දුවක් මුල්කොට ගනිමින් ඇති වූ ජීවිත තර්ජන හේතුවෙන් විනිසුරු ධූරයෙන් ඉල්ලා අස්වී විදෙස්ගත වූ මුලතිව් විනිසුරුවරයාගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා මුලතිව් අධිකරණයේ නීතීඥවරු උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූහ.

ඔවුන් පෙන්වා දුන්නේ එම විනිසුරුවරයාට සාධාරණය ඉටු වන තෙක් තමන් රාජකාරී කටයුතුවලින් බැහැරව සිටින බවකි.

පසුගිය දා මුලතිව් නීතිඥවරුන් විනිසුරු වරයට තර්ජන එල්ල වීමත් ඒ නිසා ඔහු රට හැර යාමත් නිසා අධිකරණයට එල්ල වූ බලපෑම් වලට විරෝධය පළකරමින් දින දෙකක් සේවයෙන් ඉවත්ව සිටීමටද කටයුතු කර තිබුනේය.