දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා හමුවීමට අද (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්දන් මහතාගේ නිවසට ගොස් තිබුණි.

ඒ රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති මරු පහර මෙන්ම ආර්ථික වශයෙන් සිදුව ඇති පරිහාණිය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.