දකුණු කොරියාවේ Saemaul Undong සංවිධානයේ දූත පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර කතානායක මහින්ද යාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව මහජන නියෝජිතයින් රැසක් හමුවී විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ලෝකයේ දුප්පත්ම රටක් ලෙස පැවැති දකුණු කොරියාවේ ආර්ථිකය ශක්තිමත්ව වර්ධනය කිරීමට මෙම ව්‍යාපාරය පදනම දැමීය.
එහිදි විපක්ෂ නායකතුමා පවසා සිටියේ ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන ලෙසය.