දේශීය ණය ප්‍රශස්තකරණයේදී සම්පූර්ණයෙන්ම එහි බර අර්ථසාධක අරමුදල මත පැටවීම සාධාරණ නැති බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

ඔහු වැඩිදුරටත් සදහන් කරන්නේ එහිදී, සැමට සමානව සැලකීම කියන කාරණය උල්ලංඝනය වන බවත් මේ නිසා, මේ අරමුදලේ සාමාජිකයින්ට ධන මූර්ත ප්‍රතිලාභයක් ලැබිය යුතු ආකාරයට නීති ශක්තිමත් කළ යුතුව ඇති බවයි.