රටේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් දූෂණය විසින් ගිල ගන්නා බවත්, එනිසා වහාම කළ යුත්තේ රටේ පවත්නා දූෂණය සහමුලින්ම ඉවත් කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද රට පුරා පැතිර ඇත්තේ හොරකම දුෂණය සහ අල්ලස බව පැවසූ විපක්ෂ නායකතුමා මේ තත්ත්වය සහමුලින් මැඩපැවැත්වීම වෙනුවෙන් සමගි ජනබලවේගය කොන්දේසි විරහිතව පෙනී සිටින බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ, සක්වල ව්‍යාපෘතිය සම්පල්තිව් දෙමළ විදුහලට රැගෙන යාමෙන් පසු පැවැති උත්සවයේදීය.

balavegaya IMG 20220104 WA0059

නවීන තාක්ෂණය සමග සුහුරු කුසලතාවයකින් පිරි දරු පරපුරක් උදෙසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නූතනවාදී සංකල්පයක් ලෙස “ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක පරිත්‍යාග කිරීමේ නියමු ව්‍යාපෘතිය, “සක්වල” දෙවෙනි අදියර අද (04) ආරම්භ විය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක”සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන වැඩසටහනක් වන “සක්වල” වැඩසටහනෙන් රුපියල් හත්ලක්ෂ පනස්දහසක් (රු.750,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ත්‍රිකුණාමලය නිලාවැලි සම්පල්තිව් දෙමළ මහා විද්‍යාලයට පරිගණක තාක්ෂණික උපකරණ පරිත්‍යාග කිරීම අද (04) සිදුවිය.

විපක්ෂ නායකතුමාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සක්වල” වැඩසටහන මෙරට දුෂ්කර පාසල් පද්ධතිය තුළ අධ්‍යාපනය හදාරන දුවාදරුවන්ගේ නවීන තාක්ෂණික දැනුම වර්ධනය කිරීම අරමුණු කොට ගනිමින් නිර්මාණය කොට ඇත.