ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් ඉවත් වන ලෙස ඉල්ලා අද ආරම්භ කළ වැඩ වර්ජනයට රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක පිරිස් සම්බන්ධ වී සිටීම හේතුවෙන් අද බොහෝ ස්ථාන පාලු ස්වාභාවයක් ඉසිලීය.

එමෙන්ම අද බස් සේවා සහ දුම්රිය සේවාද ක්‍රියාත්මක වූයේ අවම වශයෙනි.

මීට අමතරව ආයෝජන කලාප සේවකයන්ද, ගුරු වෘත්තීය සමිතිද, වතු කම්කරුවන්ද වර්ජනයට සහාය පා අරගලයට එක්ව සිටිති.