2021 මැයි මාසය වන විට රටේ උද්ධමනය තිබුණේ 45.3% ට ආහාර උද්ධමනය 58% කින් මේ වසර වනවිට වැඩිවෙලා. ප්‍රවාහන උද්ධමනය 70.6% කින් වැඩි වෙලා ඇති බව අද (22) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සමගි ජන බලවේග මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසීය.

ඒ සම්බන්දයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේග මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා.

2021 මැයි මාසය වන විට රටේ උද්ධමනය තිබුණේ 45.3% ට ආහාර උද්ධමනය 58% කින් මේ වසර වනවිට වැඩිවෙලා. ප්‍රවාහන උද්ධමනය 70.6% කින් වැඩි වෙලා. මේකෙන් පේනවා ජනතාව ප්‍රශ්ණ ගණනාවක් මාධ්‍යයේ පීඩාවට ලක් වෙලා තියනවද කියන කාරණය .ජනතාවගේ ආදායම් වැඩි වෙලා නෑ ,වැටුප් වැඩි වෙලා නෑ, ආදායම් වෙනුවට රැකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා වෙනුවට වටිනා කාලය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් කාලය වැය කරන්න සිදුවෙලා. පෝලිම්වල ඉන්න සිදුවෙලා මේ නිසා ජනතාවට මේ උද්ධමනය නිසා පීඩාව දෙගුණ තෙගුණ වෙලා.

අද අපේ රටේ මිනිස්සුන්ට පෝෂදායී ආහාර වේලක් ලබා ගැනීමේ අවස්ථාවක් නැහැ මැනිං වෙළෙඳ පොළට ගිහින් බැලුවොත් මාළු නැහැ සේරම වෙළෙන්දා රාක්ක හිස් වෙලා ධීවරයාට එම කර්මාන්තයට අවශ්‍ය ඉන්ධන භූමිතෙල් නෑ ඒ නිසා පාරිභෝගිකයට මාළු නැතිවෙනවා. බිත්තර කර්මාන්තය මස් කර්මාන්තය බරපතළ අර්බුදයක නිෂ්පාදන වියදම අහසට උසට වැඩි වෙලා. සත්වයන්ට අවශ්‍ය ආහාර ලබා දෙන්න එක බරපතළ තත්ත්වයක්. වෙනදා 85% , 90% ප්‍රතිශතයක් විදියට බිත්තර ලැබුණා දැන් මේක 50% අඩුවෙලා හේතුව සතුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැහැ ඔවුන්ට අහුවෙන අහුවෙන දේ දෙන්න සිදුවෙලා. බිත්තර මිල කුකුල් මස් මිල ඉහළ ගිහිල්ලා .අද රටේ ජනතාවට, දරු පරපුරට ප්‍රෝටීන් අඩංගු ආහාර ලබා ගැනීම බරපතළ අර්බුදයක් .ඒ රටේ අනාගතයටත් ප්‍රශ්නයක්. අද හැම ක්ෂේත්‍රයෙන් ම කඩා වැටිලා මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය ගොඩ දාගන්න බැරි තත්ත්වයට පත්වෙලා. සියදිවි හානිකර ගැනීම් සිදු වෙනවා. මරණ ගණනාවක් පෝලිම් තුළම සිදු වුණා මිනීමැරුම් සිදුවෙනවා හොරකම් කිරීම් මංකොල්ලකෑම් වැඩිවෙලා තියෙනවා. ඒ අය වෙන මොකුත් නිසා නෙමේ රටේ ආර්ථිකයේ කඩා වැටීම නිසා.

අපි දැක්කා ඊයේ බන්දුල ගුණවර්ධන මහත්තයා කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කියනවා මේක තාක්ෂණික ප්‍රශ්නයක් කියලා. අපිට දින 180 තුළ ණයවර ලිපි නිකුත් කරගන්න බැරි නිසා තියෙන ප්‍රශ්නයක් කියනවා. බැංකු වලින් ඒ සහනය දෙන්නෙ නැති නිසා ඇතිවුන ප්‍රශ්නයක් කියනවා. රට බංකොලොත් කරලා අපේ රටේ බැංකු ශ්‍රේණිගත කිරීම් පහලට දාලා මූල්‍ය පද්ධතිය කඩල දැම්මේ කවුද? අපි ද නැහැ මේ ආණ්ඩුව. අද දවස ගානේ ඩොලර් වලට තෙල් ගන්න වෙලා තියෙන්නේ ගෑස් ගන්න වෙලා තියෙන්නේ අපි නිසාද මහා භාණ්ඩාගාරය හිස් කරලා රට බංකොලොත් කරපු නිසා. ඒ නිසා බන්දුල මහත්තයෝ තාක්ෂණික කාරණා කියමින් හැමදාම බයිලා කියන්න එපා. රට බංකොලොත් කරපු නිසා තමයි වෙනදා සිදුවුණු බැංකු ක්‍රියාවලියේ අද සිදු වෙන්නේ නැත්තේ .ඒ නිසා තමයි දෛනිකව ඩොලර් හොයාගන්න වෙලා තියෙන්නෙ ඒකත් බැරි නිසා තමයි දෛනිකව ඉන්ධන මිල දී ගැනීම් කරන්න බැරිවෙලා තියෙන්නේ මෙයට සම්පූර්ණ වගකියන්න ඕන ගෝඨාභය රාජපක්ෂ. ඔහු තාමත් කරන්නේ දේශපාලනය ගේම් ගහන එක. රනිල් වික්‍රමසිංහ ගෙනල්ලා එක ගේමක් ගැහුවා අලුත් ගේම් ගහන්න දැන් පටන් අරගෙන. ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කවුද රනිල් වික්‍රමසිංහ අගමැතිකම දෙන්න කිව්වේ කියලා. හැබැයි ඒකට උත්තරයක් ඊයේ පාර්ලිමේන්තුවේ ලැබුණේ නෑ ඒ නිසා බොහොම පැහැදිලි වුණා පාර්ලිමේන්තුවේ දී රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය දෙන්න කටයුතු කරේ වෙන කාගෙවත් ඉල්ලීමක් නිසා වත් සාධාරණ හේතුවක් නිසාවත් නෙමෙයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා ගත්තු මෙවලමක් විදියට ඒකත් හෑල්ලුවට ලක් වෙලා ඔහුවත් ඉවත් කරන්න කටයුතු වෙමින් යනවා.

21 කැබිනට් එකට ගෙනා ම කිව්වට එය අවසානය නෙමෙයි ඒක පාර්ලිමේන්තුවට දාන්න ඕන එහිදී සංශෝධන ඉදිරිපත් කරන්න ඕන ගිය කැබිනට් එකේ ඉදිරිපත් කරපු එක කැබිනට් එකට දාලා සංශෝධනය කරන බවට තොරතුරු වෙනවා හරින් ප්‍රනාන්දු මහත්තයට පොඩි හිරිකිතයක් තිබුණා ඒගොල්ලො ගියපු ගමන් 21 ගේනවා කියලා දැන් සති තුනකට පස්සේ ඒගොල්ලෝ සතුටු කරන්න පහුගිය කැබිනට් එකට 21 දාලා තියෙනවා එහෙම නැතුව රජයේ අවසන්න එකඟතාව සහිත 21 නෙමෙයි ඊයේ කැබිනට් එකට ඇවිත් තියෙන්නේ. ඒක ඊළඟ කැබිනට් එකේ සංශෝධනය වෙලා ආයෙත් අනුමැතියට දානවා. මේ 21 රටේ අවශ්‍යතාවට වත් ජනතාවගේ අවශ්‍යතාවටත් ගේන එකක් නෙමෙයි මේ 21 ගේන්න හදන්නේ ගැලවිජ්ජාවට හෙළුව වහගන්න මේ 21න් ජනාධිපතිට කිසි ප්‍රශ්නයක් නෑ එහි සංශෝධන ඊලග ජනාධිපති වලට බලපාන පරිදි තමයි ක්‍රියාත්මක කරන්න නියමිත .

21 වන සංශෝධනය වෙනුවට වෙන 21එකක් ගෙනල්ලා තියෙනවා ඒ අය තමයි අපේ රටේ ගෘහ සේවයට විදේශ ගතවෙන්න පුළුවන් වයස සීමාව 25ක් තිබුණේ. එය 21 දක්වා අඩු කරල තියනවා. ඒ නිසා මේ රජය අපේ රටේ කාන්තාවන්ව අලෙවි කරන තැනට අවුරුදු 21ක් තරම් ලාබාල වියේදී කාන්තාවෝ දරුවෝ විදේශ වලට විකුණලා සල්ලි හොයන තැනට අද පත්වෙලා තියෙනවා. බලන්න රට පත්වෙච්ච තැන. කාන්තාවන් අලෙවිකරණ ගෘහ සේවයට කාන්තාවන් විකුණන 21ක් වගේ බාල වයසේ දරුවෝ අලෙවි කරන තැනට මේ ආණ්ඩුව පත් වෙලා. ඒ සම්බන්ධව අපේ ලොකු විරෝධයක් තියෙනවා.

මේ ආණ්ඩුවට ගොඩ ඒමක් නැහැ ඩොලර් එන වැඩපිළිවෙළක් නෑ. අපෙන් අහනවා ඔයාලා ආවම තෙල් ගේනවද කියලා පැහැදිලිව කියන්න කැමතියි නියෝජ්‍ය ඇමතිවරයා විදිහට ඉන්න කාලේ හම්බන්තොට ඩොලර් බිලියන 4ක සිල්ව පාර්ක රිෆයිනරි එක ආරම්භක කරන්න කටයුතු කළා එයට ආවේ ඕමානයේ තෙල් ගෑස් සම්බන්ධ ඇමතිවරයා. හොඳ ආයෝජකයෙක් ඇවිත් වැඩ ආරම්භ කළා මේ ආණ්ඩුව ආවත් එක්කම ඒ ව්‍යාපෘතිය නතර වුණා. ඒ ඉඩම දැන් වෙනත් සමාගමකට ලබා දීලා. අපි ඒත් එක්කම පටන් ගත්ත සිමෙන්ති කර්මාන්ත ශාලාවක් වැඩ පටන් අරන් තියෙනවා හැබැයි අපි පටන් ගත්තා ඔයිල් රිෆයිනර් එක කරගෙන ගියා නම් තෙල් ප්‍රශ්නයට විසදුමක් වෙනවා එය අපනයන ඉලක්ක කරගෙන විශාල දෙයක් කරන්න තිබුණා. දිනකට තෙල් බැරල් ලක්ෂ ගණනක් නිෂ්පාදනය කරන්න පුළුවන් රිෆයිනරි එකක්. ඒක නතර වුණේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ආවත් එක්කම .ඒ නිසා අපිට තවමත් සම්බන්ධතා තියෙනවා අපිට මේ වැඩපිළිවෙළ කිරීමේ හැකියාව තියෙනවා. අපට හොඳ කණ්ඩායමක් ඉන්නවා ලෝකයත් එක්ක බද්ධ වෙච්ච ගනුදෙනු කරන්න පුළුවන් වැඩපිළිවෙළ තියෙන්නේ අපි ළඟ. ගෝඨාභය රාජපක්ෂ එක්ක ගෑවුණු ආණ්ඩුවකට මේ ලෝකෙ කාටවත් පිළිගැනීමක් නෑ රාජපක්ෂලා ඉන්නවනම් ගෝඨාභය ඉන්නවනම් ඔවුන් සමග ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් රනිල් වික්‍රමසිංහ නෙවෙයි සක්කරයා ආවත් ගොඩ දාන්න බෑ. ඒක ඔප්පු කරල හමාරයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයෝ ඔබට අවුරුදු දෙකහමාරක් නෙවෙයි රට විනාස කරපු ඔබතුමා අවුරුදු 25 ක් හිරේට දාන්න ඕන. රට බංකොලොත් කරපු, භාණ්ඩාගාරය හිස් කරපු ,මිනිස්සු විනාස කරපු බලාපොරොත්තු සුන් කරපු ,ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ සියලූ දෙනා අවුරුදු 25 ක් හිරේ දාන්න ඕන .මිනිස්සුන්ගෙ අනාගතය යි මේ විනාශ කළේ. දරුවන්ගේ අනාගතය විනාශ කළේ .අද අධ්‍යාපනය සෞඛ්‍යය ඉවරයි මිනිස්සු බෙහෙත් නැතුව මැරෙනවා ජීවත් වෙන්න වෙලා තියෙන්නේ මහ පාරේ ඒ තත්ත්වය නිර්මාණය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට තවත් ආණ්ඩු කිරීමේ අයිතියක් නැහැ ඒ නිසා අපි මහා මේ රාජපක්ෂ පාලනය අවසන් කිරීම වෙනුවෙන් නැවතත් සටන් කරන්න සූදානම්.

අපි රනිල් වික්‍රමසිංහ මහත්තයට මාස එකාමාරක් දෙකක් කරන්න ඉඩ දුන්නා. නමුත් අපි දැනගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ ගත් එක්ක ගෑවුණු ආණ්ඩුවකට ඉස්සරහට යන්න බැහැ කියල ඒ නිසා තමයි අපි කොන්දේසි දාලා ගෝඨාභය එක්ක පහුගිය මාස එකහමාරකට කලින් අගමැති ධුරය සම්බන්ධව කතා කළේ .ඊයේ මනුෂ නානායක්කාර මහත්තයා වැල් බයිලා දොඩවනවා අපිට මනූෂලා වගේ රනිල් වික්‍රමසිංහ වගේ කොන්දේසි විරහිතව ගිහිල්ලා රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂ රකින ආණ්ඩු හදන්න බෑ .අපි නීතිඥ සංගමය එකේ එකඟතාවයෙන් ගියේ ඒ නිසා දැන් මනූෂලා ගිහිල්ලා නොයෙක් දේ කියනවා අපි බයේ හිටියේ මග ඇරියා කියලා අපි බයයි තමයි ගෝඨාභය රාජපක්ෂට අපිට හිරිකිතයක් තියෙනවා බයක් තියෙනවා කොන්දේසි විරහිතව වැඩ කරන්න බයයි. ඒ නිසා තමයි අපි ඒ විදිහට වැඩ කලේ නමුත් හිරිකිතයක් නැතුව දේශපාලන ගණිකා වෘතියේ යෙදෙන අයට පුළුවන් ගෝඨාභය ලත් එක්ක කැබිනට් එකේ ඉඳගෙන ඉන්න හැබැයි අපිට ඒක බෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒකයි කොන්දේසි දැම්මේ. මේක මේ පැය 24ක 48ක ප්‍රශ්නයක් ඒ කාලයේ ගතවෙන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට බන්දේසියේ ඒ දාලා දීලා තමන්ගේ එකඟතාවය අනුව දැන් එක එක බයිල කියනවා. ඒ නිසා අපි වගකිව යුතුයි විපක්ෂයක් විදියට එදත් වැඩ කරනවා අදත් වැඩ කරනවා ඒ සහතික අපි දෙනවා.

ඩීල් දාසලා ගැන අපි දන්නවා අපිට තැන් කියන්න පුළුවන් රැජින පාර පැත්තෙ ගෙදරක ඩීල් දානවා ඒවා හොඳට ක්‍රියාත්මකයි .ඒ නිසා අපිට ඕන සුපිරිසිදු පාලනයක්. සීයට සීයක් මට සහතිකයක් දෙන්න පුළුවන් රටේ ජනතාවට සජිත් ප්‍රේමදාස කවදාවත් ඩීල් දාන්නේ නෑ හොරකම් කරන්නෙ නෑ එතුමාගේ අඩුපාඩු ඇති නමුත් ඩීල් දාන්නේ නෑ කියලා 100% සහතිකයක දෙන්න පුළුවන් අවුරුදු ගාණක් දේශපාලනය කරලා එතුමා කළේ රටේ ජනතාවට යම් දෙයක් ලබා දීපු එක විතරයි. තමුන්ගේ සාක්කු පුරවා ගත්ත නායකයෙක් නෙමෙයි අල්පේච්ඡ නායකයෙක් ඒ සාධක දෙන්න පුළුවන් වැඩ කරන්න පුළුවන් උනන්දුව තියෙන කැප කිරීම තියෙන නායකයෙක්.