එහිදී ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණු අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙසය.

දීර්ඝ කාලයක් තිස්සේ දෙරට අතර පවත්නා ද්වීපාර්ශ්වීය සබඳතා පිළිබඳව සහ මිත්‍රශීලී පැවැත්ම පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා එය දිනෙන් දින ශක්තිමත් විය යුතු බව බව ද අවධාරණය කළේය. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ඇතුළු දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටී.