පසුගිය 2023 ඔක්තෝම්බර් 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රය තුළදී රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන මහත්ම මහත්මීන් අතර ඇති වූ සිද්ධියට අදාළව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පත්කරන ලදි.

එම කමිටුවේ සාමාජිකයින් වශයෙන් චමල් රාජපක්ෂ, සිතා අරම්බෙපොල, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල සහ ඉම්තියාස් බාකීර් මාකාර් යන මහත්ම මහත්මීන් පත්කරන ලදි.

කතානායකවරයා මුලින් පත්කළ කමිටුවෙන් ලබාදුන් නිර්දේශ අනුව ඩයනා ගමගේ මන්ත්‍රීවරියට මාස තුනක පාර්ලිමේන්තු රැස්වීම තහනමක්, සුජිත් සංජය මහතාට දැඩි අවවාද කිරීමක් සහ එම සිද්ධිය වීඩියෝ ගත කිරීම සහ සමාජ මාධ්‍යට මුදා හැරීම නිසා රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට සති දෙකක පාර්ලිමේන්තු රැස්වීම තහනමක් පනවන ලදි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පත්කළ මෙම පරීක්ෂණ කමිටුවෙන් ඉහත නිර්දේශ ලැබීමෙන් පසු නැවතත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්ම වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවට මෙම සිද්ධිය යොමු කර තිබූ අතර මුල් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කල චමල් රාජපක්ෂ මහතා වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කතානායක වරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය විවේචනය කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 2023/12/01 දින පාර්ලිමේන්තුව තුලදී කියා සිටියේ මෙම සද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකල මුල් කමිටුවේ සාමාජිකයකු වශයෙන් චමල් රාජපක්ෂ සිටි අතර ඔහු ආචාර ධර්ම කමිටුවේ සභාපති වශයෙන්ද කටයුතු කල ඇති බවත් නඩු අහපු පුද්ගලයකුට ඇපෑල ඇසීමට කිසිඳු වඅවස්ථාවක් නොමැති බවත් මෙය නීති විරෝධී සහ පාර්ලිමේන්තුවේ ආචාරධර්ම වලට පටහැනි ක්‍රියාවක් බවයි.

මෙම ගැටලුව සඳහා සුවිශේෂී පරික්ෂ කමිටුවක් පත්කර එම කමිටුවෙන් සුවිශේෂ විමර්ශනයක් සිදුකර නිර්දේශ නිකුත් කිරීමෙන් පසු මුල් කමිටුවේ වාර්තාවේ ප්‍රතිපලයට සහමුලින්ම වෙනස් ප්‍රතිපලයක් වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවෙන් ලබා දී තිබේ.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකල වරප්‍රසාද සහ ආචාරධර්ම කමිටුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර, සුජිත් සංජය පෙරේරා යන සියලුදෙනා සඳහා 2023/12/2 සිට මාසයක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පනවන ලද අතර ඒ අනුව මුල් කමිටුවෙන් මාස තුනක රැස්වීම තහනමක් පැනවූ ඩයනා ගමගේ අමාත්‍යවරියට එම තහනම මාසයක් දක්වා අඩුකළ අතර කිසිඳු තහනමක් නොමැති සුජිත් සංජය පෙරේරා මහතාත් මාසයක රැස්වීම තහනමක් පනවන ලදි.

මෙහිදී ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුවේ සාමාජිකයින් බෙදුනු තීරණයකට එළඹිණ.

● තාරක බාලසූරිය මහතා, ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ජයන්ත කැටගොඩ මහතා සහ සමන්ප්‍රිය හේරත් මහතා යන මන්ත්‍රීවරුන් විසින් ඩයනා ගමගේ, කේ. සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන් තිදෙනාට එක් අයෙකුට මාසයක් බැගින් වූ පාර්ලිමේන්තු රැස්වීම් තහනමක් පැනවිය යුතු බව තීරණය කරන ලදී.

● කබීර් හෂීම් මහතා, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ තලතා අතුකෝරල මහත්මිය කථානායකතුමා විසින් අදාළ සිද්ධිය විමර්ශනය කිරීමට පත් කරන ලද විශේෂ කමිටු වාර්තාවේ දක්වා ඇති නිර්දේශයන් ක්‍රියාත්මක කළ යුතු බව තීරණය කරන ලදී.

මෙම සිද්ධිය සම්බන්දයෙන් කතානායකවරයා පත්කළ මුල් කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කල ඉම්තියාස් බාකීර් මාකාර් මහතා සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 2023/12/02 දින පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් පහත විදියෝවෙන් නරඹන්න,