රටේ ආර්ථික බංකොලොත්භාවයට වගකිවයුතු දුශිතයින්ට එරෙහිව “යුක්තිය වෙනුවෙන් ජනමතය” සම්මන්ත්‍රණය අද (2023/12/12) දින කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පස්වරු 3.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

රටේ දේශපාලන සංස්ථාව තුළ ව්‍යකුලතත්වයක් මෙන්ම රටේ ජනතාවගේත්, පාර්ලිමේන්තුවේත් ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති මොහොතක, යුක්තිය වෙනුවෙන් ජනමතය පිළිබඳව කතිකාවක් ගොඩනැගීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට වැදගත් ප්‍රවේශයකි.

මෙම සම්මන්ත්‍රණය සඳහා ආරාධිත දේශකයින් ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ආචාර්ය මහීම් මෙන්ඩිස් මහතා, මාධ්‍යවේදී තරිඳු උදුවරගෙදර යන මහත්වරුන් සහබාගී වන අතර වර්තමානයේ විධායකය විසින් ව්‍යවස්තාදයකයටත්, අධිකරණ ව්‍යුහයටත් එල්ලකරමින් තිබෙන බලපෑම පිළිබඳව දීර්ඝව සාකච්ජා කිරීමට නියමිතව තිබේ.

මෙම සම්මන්ත්‍රණය සංවිධානය කරන තරුණ වෘත්තිකයින්ගේ සංවිධානය විසින් මේ සඳහා සහබාගී වීමට විවෘත්ත ඇරයුමක් කර තිබෙන අතර පැමිණීම සනාථ කිරීමට ගූගල් ෆොරමයක්ද නිකුත් කර තිබේ.

ඒ සඳහා පහත සබැඳියෙන් ලියාපදිංචි විය හැකිය,

https://docs.google.com/forms/d/e/1FAIpQLSdhnlv1LenGiGaQTcxhP50eSDUNy_CoGPiPkZrNHyuL4AEbaw/viewform

යුක්තිය වෙනුවෙන් ජනමතය