GR යනු ගෝඨාභය රාජපක්ෂ නොවන බවත් ,GR යනු ගැසට් රිවස් බවත් ඊයේ දිනයේ කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් පොහොර ගෙන්වීමට අවසර ලබා දී සුළු මොහොතකින් ඇමතිවරයා එය අවසර නොදුන් බවත් පැවසූ අතර එහිදී ඒ ගැන රාජ්‍ය අමාත්‍යවරයාද වෙනත් පිළිතුරක් ලබා දෙමින් පරස්පර යෝජනා ඉදිරිපත් කිරීමෙන් කියන්න වෙන්නේ මේ ආණ්ඩුවට පිස්සු බව විපක්ෂ නායක කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.


වඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
අද මේ වෙන රටතුළ ජීවත්වෙන්න බැරි මට්ටමකට පත්ව ඇති බව කවුරුත් දන්නවා. ජීවන වියදම දිනෙන් දින ඉහළ ගිහින් ඒ ගැන දිගින් දිගටම පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් ආණ්ඩුවට අවධාරණය කළා .කාබනික පොහොර වැඩපිළිවෙළට අපි විරුද්ධ නැහැ නමුත් එය ක්‍රියාත්මක කරන්න ක්‍රමවේදයක් සකස් කළ යුතුයි.මේ වෙනකොට රටේ ගොවි ජනතාව නෙවෙයි ඇමති, රාජ්‍ය ඇමැති, ජනාධිපති, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු කවුරුත් දන්නේ නෑ මොනවද කරන්නේ කියලා අද එවැනි තත්වයක් උදා වෙලා. ඊයේ දිනයේදී අමාත්‍යංශ ලේකම්වරයා කියනවා රසායනික පොහොර වලට අවසරය ලබා දුන්නා කියලා අපිට පාර්ලිමේන්තුවේ දී කැබිනට් ඇමතිවරයාත් රාජ්‍ය ඇමැතිවරයාත් කියනවා නෑ අවසර දුන්නේ නැහැ කියලා ඊයෙ රෑ ප්‍රවෘත්තියක් ආවා නැවතත් අපි ඒ රසායනික පොහොර වලට අවසර ලබා දුන්න කියලා. උදේ නැගිටිනකොට ඇමතිවරයා ඒ ගැසට් එක ගහපු පුද්ගලයාට විනය පරීක්ෂණයක් කරන්න යෝජනා කරලා. මම දන්නෑ තව පැයකින් මොනවද වෙන්නේ කියලා. ඇත්තටම මේ ආණ්ඩුවට පිස්සු හැදිලා කියන එක තමයි කියන්න තියෙන්නේ වෙනත් වචනයක් නැහැ කියන්න .මේ ආණ්ඩුව කරන කියන කිසිම දෙයක් ජනතාවට පිළිගන්න බැරි මට්ටමට පත් වෙලා. කල්පනා කර බලන්න පැය 24ක් තුළ තීන්දු තීරණ කීයක් අරගෙන තියෙනවද ඒවා කීයක් නැවත reverse කරලා තියෙනවද කියලා GR. කිව්වම ගෝඨාභය රාජපක්ෂ කියලා හිතුවේ එතුමා තනි තීන්දු ගන්න එඩිතර තීන්දු ගන්න අයෙක් කියලා හිතුවා GR ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ නෙමෙයි එය ගැසට් රිවිර්ස්.

මේ ආණ්ඩුව හැම දෙයක්ම කරන්නේ කිහිපදෙනෙක්ට හම්බ කරන්නයි. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියනවා නෑ පොහොර ඇනවුම් කරේ මම නෙමෙයි රාජ්‍ය ඇමැතිවරයා බව රාජ්‍ය ඇමතිවරයා කියනවා නෑ මම නෙමෙයි අධ්‍යක්ෂ ජනරාල් කියලා කොහොම හරි මේ රටේ ජනතාවට කෝටි ප්‍රකෝටි ගාණක් අහිමි වෙලා තියෙනවා මෙහි හොරකමක් සිදුවෙලා තියෙන බව ඉතා පැහැදිලිවයි මේ රටේ අහිංසක මිනිසුන්ගේ බදු මුදලෙන් අය කරමින් මේ මුදල් වැය කර තියෙනවා පොහොර ගෙන්නන්න කියලා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරලා කාබනික පොහොර ව්‍යපෘතියක් කියලා තවත් ප්‍රශ්නයක් ඇති කරලා දැවැන්ත මුදල් ප්‍රමාණයක් කාබාසිනියා කළා.අපිට පැහැදිලියි මේ ප්‍රශ්න ඇති කරන්නේ හොඳ ගානක් ගහ ගන්න බව මෙවැනි අලුත් වැඩපිළිවෙලවල් ඇති කරලා මේ අය කරන්නේ ගජ මිතුරන් පිරිසකට හොඳට හම්බ කරගන්න පුළුවන් අවස්ථාවක් ලබා දීමයි.

අද පොහොර වලටත් කළු කඩ නිර්මාණය වෙලා ඒ දවස් වල අපි පොහොර දුන්නෙ රු 2750 ට . ඊට පස්සේ අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුරාධපුරයේ වේදිකාවට නැගලා කියනවා මහින්ද අයියා මට කිව්වා අපි තීරණය කළේ රු 1500ට, 1000 කට පොහොර ටික දෙන්න නමුත් මහින්ද අයියා කිව්වා නෑ ඒකත් ගන්න එපා අපි නිකම් දෙමු කියලා ගොවීන් රැවැට්ටුවා. අද කළු කඩේ යූරියා මිටියක් රුපියල් 10000ට ගිහින් ඒ කියන්නේ ඒකත් කෙරෙනවා. කට්ටියකට කාබනික පොහොර ගේන්න අවසර දීල ඒකෙන් හම්බ කරනවා තව කට්ටියකට පොහොර ගේන්න කියලා තියෙන පොහොර ටික වෙන ක්‍රමයකින් ගෙනල්ලා කළු කඩයක් නිර්මාණය කරලා එතනදී වැඩි මුදලකට පොහොර අලෙවි වෙනවා. රු 1500 පොහොර එක 10000ට ඉහළ ගිහින් තියෙනවා එවැනි ප්‍රශ්නයක් තමයි අද ඇතිවෙලා තියෙන්නේ එහි ප්‍රධාන ප්‍රතිඵලය තමයි අපි කිව්ව සාගතය.

අද ආර්ථික මධ්‍යස්ථානයට ගිහිල්ලා බලන්න දවසකට කිලෝ ලක්ෂ 10ක් ගේනවා කියපු එළවළු පලතුරු අද එය ලක්ෂය කට අඩු වෙලා ඒ ආර්ථික මධ්‍යස්ථාන වල සංවිධාන නියෝජිතයින් කියනවා තව මාස කීපයක් යන කොට තවත් මිල ගණන් වැඩි වෙනවා කියලා එතකොට රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් මට්ටමක් තියෙනවද උදාහරණ, කැරට් කිලෝ එකක් රුපියල් 600 යි. බෝංචි රුපියල් 650යි. වම්බටු රුපියල් 500යි මාළුමිරිස් 700 යි මේ කිහිපයක් පමණයි මේ විදියට අද රටේ ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයට පත් වෙලා මොකද ජනතාවගේ ආදායම වැඩි වෙන්නේ නැහැ නමුත් ජීවන වියදම දිනෙන් දින වැඩි වෙනවා ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ආණ්ඩුව නිසි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. විපක්ෂ නායක තුමා කියපු විදියට වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒක නිවැරදි කරන්න අපි සහයෝගය ලබාදෙනවා මොකද මේ රටේ ජනතාව ජීවත් වෙන්න ,ජීවත් කරවන්න ඕන ඒකට අවශ්‍ය වැඩ කටයුතු ටික කරුණාකර සිදු කරන්න.

ඊලග පැයේදී ගොවියන්ට මොනාද වෙන්නේ කියලා විපක්ෂය නෙවෙයි ආණ්ඩුව දන්නේත් නැහැ. මේ ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් විහිළුවක් බවට පත්වෙලා ඇත්තටම විහිළුවක් නෙමෙයි මේ අයට පිස්සු හැදිලා තියෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ. ජනතාව තේරුම් අරන් තියෙනවා මේ ආණ්ඩුවට පිස්සු ජනාධිපතිවරයාට පිස්සු මෙවැනි තීන්දුවක් අරගෙන තියෙනවද කවදාවත් මේ රටට මෙවැනි තත්ත්වයක් උදාවෙලා තියෙනවා ද? නැහැ හැම දෙයක්ම කරන්නේ කීයක් හරි හොයාගන්න.

ජනාධිපතිතුමාට තියෙන්නේ එතුමා එක්ක වැඩ කරන අය එලියට දාන්න නෙමෙයි. ජනාධිපතිතුමාට එළියට බහින්නයි බහින්නයි මේ රටට ආදරෙයි නම් කරුණා කර කරන්න පුළුවන් කෙනෙකුට භාර දෙන්න. මේක ෆේල් කියන එක ඔප්පු වෙලා ඉවරයි තවත් ඔප්පු කරන්න දෙයක් නැහැ මේ අයට දැන් තියෙන්නේ රට කරන්න පුළුවන් කෙනෙක්ට බාරදීලා යන්නයි එතුමා ඊයේ තීන්දුවක් අරගෙන තියෙනවා කියලා මධ්‍ය හරහා ගියා රජයේ ප්‍රතිපත්ති වෙන්නේ හරිත කෘෂි කර්මාන්තයක් එය රජයේ ප්‍රතිපත්ති දැන් කියනවා සහනාධාරය ලබා දෙන්නේ කාබනික පොහොර වලට විතරයි එතකොට මම අහන්න කැමතියි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එදා අනුරාධපුර වේදිකාවේ ගොවි ඉස්සරහ කිව්වද එහෙම දෙයක් එතුමා කිව්වද මේ අනුරාධපුරේ ජනතාවට ඉස්සෙල්ලා කාබනික පොහොරවලට විතරයි සහන දෙන්නෙ කියලා එහෙම කිව්වේ නෑ එතුමා මේ රටේ ජනතාව රැවැට්ටුවේ පොහොර නොමිලේ දෙනවා කියලා කාබනික පොහොර නොමිලේ දෙනවා කිව්වේ නැහැ දැන් තමයි කාබනික පොහොර ගැන කතා කරන්නේ.මෙයට ප්‍රධාන දේ ආණ්ඩුවට සල්ලි නැහැ ඒක නිසා පෞද්ගලික අංශයට දෙන්න බලනවා රසායනික පොහොර මේ රටේ ගොවීන් කොහොමද රුපියල් දහදාහකට යූරියා මිටියක් ගන්නේ එහෙම ගොවිතැන් කරයිද ඒක නිසා කරුණාකරලා බොරුව කරන්න එපා දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්න එපා සෞභාග්‍යය දැක්ම කොතනද තියෙන්නේ කාබනික පොහොර විතරයි අපි මේ රටේ ගොවි ජනතාවට ලබා දෙන්න කියලා එහෙම කියලා නැහැ ඒකෙ තියෙන්නෙ පොහොර නොමිලේ ලබා දෙනවා කියලා හරිත කෘෂි කර්මාන්තයක් කරන්න සියලු පොහොර ජනතාව ට ලබාදෙන සහනාධාර ක්‍රමවේදයකට ලබාදෙන්න පැහැදිලිවම ඒගොල්ලෝ කියනවා සහනාධාර දෙන්නෙ කාබනික පොහොර වලට පමණයි කියලා ඒක ලොකු බොරුවක් හැටනම ලක්ෂයක් මේ රටේ රැවැට්ටුව බව දවසින් දවස ඔප්පු කරනවා.