පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා විසින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීණි රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියගේ නම සදහන් කරමින් සිදු කළ වචන අසභ්‍ය වචන බව කථානායකවරයා ද පිළිගෙන ඇති හෙයින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වලට අනුව මෙම කාතාව පාර්ලිමේන්තුවට සිදු කල නිග්‍රහයක් බවත් එම නිසා පාර්ලිමේන්තුවෙන් ඉවත් වී යන ලෙස තිස්ස කුට්ටිආරච්චි මහතාට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ය.

මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය බබාලා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාට නලින් බණ්ඩාර මහතා මතක් කර දුන්නේය.

තවද ආමත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මේ සම්බන්ධයෙන් පියවර ලබා ගන්නා ලෙස කථානායකවරයාට ලිපියක් මගින් දැණුම් දී ඇති බව අද (23) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා අවධාරණනය කලේය .