සමගි ජන බලවේග රජයක් යටතේ ආර්ථිකය කොයිබටද ? යන මැයෙන් ජාඇල පැවති සාකච්ඡාවකට සමඟි ජන බලවේගයේ ආර්ථික කමිටු ප්‍රධානී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරා මහතා සහබාගී විය.

ජා-ඇල ආසනයේ ව‍ෘත්තිකයින් හා ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ මෙම සාකච්ඡාව පසුගියදා (18) කඳාන ප්‍රදේශයේදී  පැවැත්වූ අතර නීතිඥ ශිරන්ත අමරසේකර මහතා විසින් මෙය සංවිධානය කර තිබිණි.