දැනට ලැබෙන රුපියල් 1000ක අවම වැටුප රු1700ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලා ඊයේ (21) දිනයේදී රට පුරා වතු කම්කරුවන් විරෝධතාවයක නිරත විය.

හැටන්, දික්ඔය, කොටගල, හාලිඇල සේවකයින් හැටන් නගරයේත්  පොල්ගහවෙල, උඩපොල සහ මාවතගම සේවකයින් කුරුනෑගල නගරයේත් ඉංගිරිය සහ බිබිල වතුකම්කරුවන් එම ප්‍රදේශ වලත් විරෝධතා පවත්වනු දක්නට ලැබූ අතර ඔවුන් පවසන්නේ රටේ වත්මන් ආර්ථික තත්වයත් සමග රුපියල් 1000ක වැටුපෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමට නොහැකි බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් මහතා කියා සිටින්නේ ඉදිරියේදී සියලුම කම්කරු සංගම් ඒකරාශී කරගනිමින් රට පුරා දැවැන්ත විරෝධතා පැවැත්වීමට සුදානමින් සිටින බවයි.