2022 වසරෙහි දී රුපිලල් ලක්ෂ 75ක වංචාක් කළ බවට වැරදි කරුවකු වූ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් පසුගිය දිනක පත්කර තිබේ.

මෙම මුදල් වංචාව පිළිබඳ පරීක්ෂනය මුල්‍ය හා වානි අපරාධ කොට්ඨාශයේ දෙවන මුල්‍ය අපරාධ විමර්ශන එක්කයෙහි පොලිස් පරීක්ෂක බී.එස්.ජයරත්න ඇතුලු කණ්ඩායමක් විසිනි පවත්වා ඇති අතර සිදුවීමට අදාළ නයිජිරියානුවන් 2021 වසරේදී අත්අඩංඟුවට ගන්නා ලදි. මෙම වාර්තාව බී 75416/01/22 දරණ නඩු අංකය සඳහන්ව ඇත.

මෙරට දී විදේශීය මුදල් වංචනික ලෙස මුද්‍රණය කරමින්, මත් ද්‍රව්‍ය ජාවරමෙහි නියතු විදේශික සහ දේශීය පිරිසකට පනවා තිබූ විදෙස් ගමන් තහනම අයතා ලෙස ඉවත් කිර එම නඩුවට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රුපියල් ලක්ෂ 75ක් නීති විරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධව මෙම චෝදනා අදාල පොලිස් නිලදරියට එල්ල වී ඇත.

වර්තමානයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙන ඉහත වරදට චූදිතයකුව සිටින රොහාන් ප්‍රේමරත්න නැමැත්තා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ලෙස පත්කර තිබේ.

දේශබන්දු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න

මෙම නඩුවට අදාල වාර්තාවේ 10 වන පිටුවෙහි දක්වා ඇති අවසාන නිගමනය මෙසේය:

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි හිටපු අධ්‍යක්ෂක, වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා සහ දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදු කල මෙම විමර්ශනයේ දී හිටපු අධ්‍යක්ෂක රොහාන් ප්‍රේමරත්න නිලධාරියා විසින් අධ්‍යක්ෂක වශයෙන් රාජකාරි කරමින් සිටි කාලය තුල දී ඒ නිලධාරියා විසින් විශයගත නිලධාරීන් වෙත අයුතු බලපෑම් සිදු කරමින් ගරු අධිකරණය වෙත අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සඳහා නිලධාරීන් තර්ජනාත්මක ව පොලඹවා ඇති බවත්,              ඒ මගින් කො.ප්‍ර.ම/උ ශාලා අංක 05 නඩු අංක 47361/05/21 දරණ නඩුවේ නඩු භාණ්ඩයක් ව පැවති රුපියල් 7.543.110ක  මුදලක් සැකකරුවන් වෙත මුදා හැරීම සඳහා කටයුතු කරමින් දූෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවට කරුණූ ඉදිරිපත් කරමි.

මෙම අපරාධය විමර්ශනයේ දී අනාවරණය වී ඇති මෙම කරුණු මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක වර්තමාන වැඩබලන නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධක්ෂක වශයෙන් රාජකාරි කරන ලද කාලය තුල සිදු කරන ලද වංචා දූෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත නොතීසියක් නිතුක් කරන මෙන් ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඇයද සිටිමි.”

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්. ඉලංගසිංහ විසින් මෙම නඩුව පිළිබඳ කරුණූ වාර්තා කිරීමට අධිකරණය හමුවට පැමිණෙන ලෙස අල්ලස් කොමිසමට 2022 සැප්තැම්බර් 05වන දන නියෝග කළේය.

මෙම නඩුව තවමත් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාවේ ලිපි ගොනු අතර ඇති අතර එය ඉක්මනින්ම අතුරුදහන්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

තමන්ට අවනත වන විවිධ වංචා දුෂණ වලට සම්බන්ධ නිලාධාරීන් පොලිස් සේවයේ ඉහළම තනතුරු සඳහා පත් කිරීම හුදු ආසාවක් පමණක් නොව ඉන් එහාට යන මර්දන සැළැස්මක කොටසක්  නොවේද යන්න අප ජනතාවගෙන් ප්‍රශ්න කර සිටින්නෙමු, මහජනතාවගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවා ඇති මෙවැනි ආයතන වළ ඉහල පුටුවලට වංචා දුෂණ වලට පත්කිරීමෙන් මහජනතාවගේ ආරක්ෂාවට කුමක් සිදුවනු ඇතිද ?