ආණ්ඩුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අලී සබ්‍රි රහීම් නමැති මන්ත්‍රීවරයා විසින් නීති විරෝධි අයුරින් රුපියල් කෝටි 40කට වඩා වැඩි වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 3කට වැඩි රත්රං තොගයක් සහ නවීන ජංගම දුරකථන රැසක් නීතිවිරෝධි අයුරින් රට තුළට ගෙන ඒම නිසා වරදකරුවකු වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමුව තිබේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සිය රාජතාන්ත්‍රික ගුවන් බලපත්‍රය භාවිත කර නීතිවිරෝධි අයුරින් රට තුළට මෙම ද්‍රව්‍ය ගෙන ඒම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම උල්ලංඝනය කිරීමක් බවත් රටේ නීති සකස් කරන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මෙසේ එම නීති කඩ කිරීම අනුමත කළ නොහැකි බවත් මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගැනීමටත් නියමිතය.

balavegaya WhatsApp Image 2023 05 25 at 15.35.07

එම යෝජනාවට අත්සන් තැබූ මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය

balavegaya WhatsApp Image 2023 05 25 at 15.35.06