මේ දිනවල ජනප්‍රිය පක්ෂයක වේදිකාවේ සිටින හිටපු හමුදා ලොක්කන් සම්බන්ධයෙන් හිටපු හමුදාපති, වත්මන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සජබ වේදිකාවේදී ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය.

පසුගිය කාල වකවානුවේදී රාජපක්ෂ දේශපාලනය වෙනුවෙන් කැප වූ නිලදාරීන් බොහොමයක් පසුගිය දා වර්තමානයේ ජනප්‍රිය පක්ෂ වල වේදිකා වලට ගොඩ වූ බවත් ඒ අය සමග ඉදිරියට යා හැකිද යන ප්‍රශ්නයක් මතු වන බවත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

එහිදී එම නිලධාරීන් පිළිබද නම් ගම් සහිතව හෙළිදරව් කිරීමට කටයුතු කළ ඒ මහතා ඉන් බොහොමයක් දෙනා රාජපක්ෂවරුන් සමීපයේ සිටි අය බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.