මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතතාව (Online Safety Bill) පිළිබඳ පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීමට ඉදිරිපත් නොකිරීමට මහජන ආරක්ශක අමාත්‍ය ටිරාන් අලස් තීරණය කර තිබෙන බව නිල නොලත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබෙනවා.

සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ නියෝජිත පිරිසක් අමාත්‍යවරයා සමඟ සිදු කළ සාකච්ඡාවක දී කළ ඉල්ලීමක් පදනම් කරගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි සදහන් වන්නේ.

අමාත්‍යවරයා විදෙස් සංචාරයක් සඳහා සහභාගී වී මෙරටට පැමිණි වහාම මෙම තීරණය ගෙන ඇති අතර අදාළ සාකච්ඡාව සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, මාධ්‍ය නීති සංසඳය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, FACTUM ආයතනය, සමාජ මාධ්‍ය එකමුතුව ඇතුළු සංවිධාන සහභාගී වී තිබේ.