පළාත් පාලන මැතිවරණය නොපවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා (22) ප්‍රකාශ කළ බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා, ද අයිලන්ඩ් (The island) පුවත්පතට කියා සිටියේය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ විශේෂ මහ සමුළුව අමතමින් ජනාධිපති වික්‍රමසිංහ මහතා 2024 මීළඟ ජනාධිපතිවරණයෙන් පසුව මහ මැතිවරණයක් පවත්වන බවත් ඉන් පසුව පළාත් පාලන මැතිවරණය පවත්වන බවත් ප්‍රකාශ කර තිබේ.

මෙම වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ කිසිදු සඳහනක් නොකළ බව පැවසූ රහ්මාන් මහතා කියා සිටියේ, මැතිවරණ කල් දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙන පසුබිමක ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය තුලින් නඩු විභාගයට බලපෑම් සිදුවන බවයි.

මුජිබර් රහ්මන් මහතා වැඩිදුරටත් කියා සිටියේ පළාත් පාලන මැතිවරණයට අවශ්‍ය මුදල් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයට නියෝග කර තිබියදී ජනාධිපති මුක්තිය උපයෝගී කරගනිමින් මෙම තීන්දුව නොසලකා හරිනු ලැබූ බවත් ඉන් පසුව තමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කල බවත්‍ ය.

ජනාධිපති රනිල් වික්රමසිංහ UNP මහා සමුළුවේදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පවත්වන බව පැවසූ බවත් එය පැවැත්වීමට ව්‍යවස්ථාවෙන්ම ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් රහ්මන් මහතා පැවසීය.

“ඇත්තටම ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය ගැන සහතිකයක් දෙන්න අවශ්‍ය නැහැ. පවතින ප්‍රශ්නය පළාත් පාලන මැතිවරණයයි”

එක්සත් ජාතික පක්ෂය ලබාගත් එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පත්වූ වජිර අබේවර්ධන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ඡන්ද මිලියන 10ක් ලබාගන්නා ලෙස පැවසීම විහිළු සහගත බවත් වජිර අබේවර්ධන යනු එක්සත් ජාතික පක්ෂයේ වාචාල මන්ත්‍රීවරයෙකු බවත් රහ්මන් මහතා පැවසීය.

“සත්‍යය නම් පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීවරයෙකුට පමණක් සීමා වූ එජාපය, ඡන්දදායකයින්ට මුහුණ දීමට බිය වී ඇති බවයි. ඒ නිසා පළාත් පාලන මැතිවරණය නොපවත්වන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා”

ජනධිඅපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳව අවදානය යොමුකරමින් නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණය නොසලකා හැරීම ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමුකිරීමක් බව රහ්මන් මහතා මෙහිදී අවධාරණය කළේය.

පළාත් පාලන මැතිවරණය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස රහ්මාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටියේය. පසුගිය වසරේ ජුලි මාසයේදී වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින ප්‍රශ්නය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

කල් දැමූ පළාත් පාලන මැතිවරණයට අදාළ නඩු විභාග කරන විනිසුරුවරුන්ට අධිකරණයට එල්ල වන තර්ජන සහ බලපෑම් කිරීමට උත්සාහ කිරීම නීතිඥ සංගමය හෙළා දකින බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය. ජනාධිපති වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන තර්ජනවලට සිවිල් සමාජය, මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ ප්‍රතිචාර දැක්විය යුතු බව රහ්මාන් පැවසීය.