විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයන් ක්‍රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අනධ්‍යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

එම විරෝධතාවට 5,000 ක පමණ පිරිසක් සහභාගි වී සිටිති.

එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්‍රදේශයේ සියලු මාර්ග අවහිර වී තිබේ.