රටේ මිනිස්සුන්ට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් තිබියදී බැඳුම්කර ණය ප්‍රමුඛතාවයක් ලබාදී ණය ගෙවන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි .

මේසේ ප්‍රශ්න කර සිටියේ අද (19) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රිවරයා ,

“රජය මෙතන ඇවිත් පම්පෝරි ගහනවා අපි ස්වෛරී බැඳුම්කරය ණය වාරිකය ගෙව්වා කියලා. බැඳුම්කරය ප්‍රමුඛ කරල ගෙවන්නේ අපේ රටේ මිනිස්සුන්ට කන්න නැහැ, සල්ලි නැහැ ,බෙහෙත් නැහැ, ගෑස් නැහැ,තෙල් නැහැ වගේම දැන් කියනවා ලෑස්ති වෙලා ඉන්න විදුලිය කපනවා කියලා ඒ සියල්ලම ගෙන්ම රටේ පුරවැසියා පීඩනයට දාලා රජය ජාත්‍යන්තර බැඳුම්කර ගෙව්වා එහිදී ඉබේටම ප්‍රශ්නයක් ඇති වෙනවා කාටද බැඳුම්කරය ගෙව්වේ කියලා . මොකද ඒ බැඳුම්කරය අඩුවෙන් ගියේ එහි ප්‍රතිලාභ අඩුයි ඩොලර් 100ය ඩොලර් 50ට 60ටත් යනවා මෙහි අවදානම රජය හරි දවසටම ඉදිරිපත් කරාම ඩොලර් 100 දෙයි කියලා එහිදී විශ්වාසයක් තියෙනවා නම් 50ට 60ට ගන්නවා තව මාස දෙකකින් 100ක් ලැබෙනවා එහිදී ඩොලර් 50 ක් වැඩි වෙලා.

කවුද මේ බැඳුම්කර තියාගෙන හිටියේ .ආණ්ඩුව ගෙවන්න යනවා කියලා දැනගෙන හිටපු අයයි මේක අතේ තියාගෙන හිටියේ .සාමාන්‍ය අය අතේ තියාගෙන ඉන්නේ නැහැ ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් c c c දක්වා පහලට වැටුණම බංකොලොත්භාවයට බොහොම ලඟයි. එහිදී ජාත්‍යන්තර වෙළෙඳ පොලේ අය ගන්නේ නැහැ. ඒව ගන්නේ කලු සල්ලි සුදු කරන්න පුළුවන් අයයි.අපි අහන ප්‍රශ්නය සාධාරණයි මෙම ස්වෛයිරී බැදුම්කර කාටද ගෙව්වේ කියන එක. මොකද මේ රටේ ජනතාවට ප්‍රශ්න රාශියක් තියෙන මොහොතක්.”