ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට බදු සහන ලබා දී සැප ගැනීමට ඇමරිකාවට හා විදෙස් රටවල් වලට සංචාරය කරන වීට, රටේ ජනතාවට වර්තමානය වන විට ජීවත්වීමට නොහැකි තත්වයක් උදාවීම මත තරුණ තරුණයින් රට අත්හැර යන ත්ත්වයක් උදා වී ඇති බව සමගි අධ්‍යන සේවක සංගමයේ ලේකම් ප්‍රියන්ත පත්බේරිය මහතා පවසයි .

වැඩි දුරටත් කියා සිටියේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ජීවත් වීමට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් රටෙහි ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් තවද ගෑස්, කිරිපිටි පෝලිම් නිර්මාණ වී ඇති බවත් ආණ්ඩුවට ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුවක් තාමත් සෙවීමට නොහැකි වී ඇති බවද පැවසීය .

තව දුරටත් කියා සිටියේ තෙල් සංස්ථාව ඉන්දියාවට දීමත් බටහිර ජැටිය ඉන්දියාවට දීමත් හා ලංකාවේ වටිනා ඉඩම් විදේශිකයින්ට ලබා දිමෙන් රටේ ජනතාවට රටේ අයිතිය නැති වී ඇති බවද තවද ඉන්දියාවේ කෝන්දේසි හා පොරොන්දු වලට ආණ්ඩුවට සැගවිය නොහැකි බවද පැවසීය .

මේ අදහස් පළකරේ අද සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යලයේ දීය .

සටහන – CJ