ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවට ලබාදීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබේ. 

ඒ පසුගිය දින (11) පාර්ලිමේන්තුවේදී නව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත සම්මත කරගැනීමෙන් පසුවයි.

IMF අරමුදල ශ්රී ලංකාව සමඟ එළැඹ ඇති මාස 48ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ සිදුකර ඇති අතර එහිදී ජාත්යන්තර මූල්ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දෙවන වාරිකය ලබාදීමට අනුමැතිය දී ඇත.

මේ අතර එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ ශ්රී ලංකාව මේ වන විට පෙන්නුම් කර ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව ජාත්යන්තර මූල්ය අරමුදල සෑහීමට පත්වන බවය.

මෙම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබීමට නියමිතව තිබූ දින ශ්‍රී ලංකාවට ලබා නොදීමට එම අරමුදලේ විධායක මණ්ඩලය කටයුතු කල අතර එහිදී එම මුදල ලබා නොදීමට හේතු වශයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කරුණු 16කට අසන්න සංඛ්‍යාවක් ඉදිරිපත් කළේය. එම කරුණු වලින් අවධාරණය කර තිබුනේ ශ්‍රී ලංකාව බදු අයකරගනිමේදී ඉතා කණගාටුදායක තත්වයක සිටින බවත් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව විශාල වශයෙන් එයට වගකිවයුතු බවත්ය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය විසින් නව භාණ්ඩ 95කට, 18%ක බදු ඇතුලත් කර සංශෝධනය කරන ලද එකතු කළ අගය මත බදු පනත පසුගියදා පාර්ලිමේන්තුව තුලදී සම්මත කරගත් අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් දක්නට ලැබීය.