රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ඉංජිනේරු සහ බැංකු ඇතුලු වෘත්තීය සංගම් කිහිපයක් විසින් ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී ඇති බවයි සඳහන් වන්නේ.

ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන අතර මෙම විරෝධතා හේතුවෙන් පොලිසිය සහ විරෝධතාකරුවන් සමඟ කිසියම් උනුසුකාරී තත්වයක් ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.