පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී දුෂිත වංචාකාරි ක්‍රිකට් පරිපාලනය වෙනස් විය යුතු බවට යෝජනාවක් සම්මත කර ගත් බවත් ජනාධිපතිවරයා පවා එයට කැමති වුවත් මේ වන විට පත් කරපු අන්තර්වාර කමිටුව ක්‍රීඩා ඇමතිවරයා විසින් ඉල්ලා අස්කර ගත් නිසා නැවතත් ක්‍රිකට් පරිපාලනය දූෂිත කල්ලිය අතට ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

විගණන වාර්තාවෙන්, කුසලා සරෝජනී වාර්තාවලින් පවා එය සනාථ වී ඇති බැවින් 225 දෙනාම එකඟ වූ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඉවත් කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කරවන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.