අද අයවැය විවාදයට සදහා මුදල් අමාත්‍ය බෑසිල් රාජපක්ෂ මහතා සහභාගි වී නොසිටි අතර එ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසා සිටියේ අයවැයට බයේ මුදල් ඇමැති හැංගිලා ද යන්නයි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ අයවැය සම්බන්ධයෙන් ප්‍රශ්න විමසිමටම නම් මුදල් අමාත්‍යවරයා සිටිය යුතු බවයි .

සම්ප්‍රදායික වශයෙන් රොනී ද මැල් මුදල් ආමත්‍යවරයා සිට අද වන තෙක් අයවැය විවාදය සදහා හිටපු මුදල් අමාත්‍යවරුන් සහභාගි වි ඇත. එහෙත් අද වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වි සිටියේ නැත.

සටහන – CJ