“ඇහුම්කන්දීම යනු අනෙකා අගය කිරිම වන අතර, එය විශ්වාසය ගොඩනැගීමේ හොඳම ක්‍රමය වේ”. අප සියළු දෙනා හට යම් ආකාරයේ හඳුනාගැනීමක් අවශ්‍ය වේ.  යමෙකු හදුනා ගැනිම සඳහා පහසුම මග වනුයේ ඔවුන් වෙත ඇහුම්කන් දෙමින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය පිළිගැනීමයි.  හොද දේශපාලන නායකයෙකු හට අනෙකාගේ ඇසින් ලෝකය දැකීමට හැකියාවක් ඇත.  ඇහුම්කන්දීම මගින් වෙනස් වූ මතයන් වටහා ගනිමින් මහා පිංතූරය දැකීමේ හැකියාව ලබා දෙනු ලබයි.  මෙය විවිධ පෞරුෂත්වයන්ගෙන් යුත් ජනතාව වෙත නායකත්වය ලබා දෙමින් පොදු අරමුණක් කරා ඔවුන් ශක්තිමත් කිරීමට ද උපකාරි වේ.  පීටර් ඩකර් විසින් ප්‍රකාශ කරන ලද පරිදි ඇහුම්කන්දීම යනු නායකයෙකු විසින් ප්‍රවීණත්වය ලැබිය හැකි වන වැදගත්ම කුසලතාවය වේ.   එය අන් බොහෝ නායකත්ව කුසලතාවයන්ගේද පදනම වේ.  කෙසේ වුවද එතුළ අප විසින් වඩාත් අදාළ මොහොතට අනුගතව, අවධානය යොමුකරමින් ක්‍රියාශීලීව, ඉවසිලිවන්තව හා නම්‍යශීලීව සිටීමක් අවශ්‍ය කෙරෙන බැවින් එය වූ කලී පුහුණු කළ යුතු වන ශක්තිමත් කුසලතාවයක් වේ.  ඇහුම්කන්දීම යන්නෙන් අදහස් කරන්නේ ඔබ ඔවුන්ගේ දෘෂ්ටි කෝණය සැලකිල්ලට ගනිමින් ඔවුන් හට ප්‍රකාශ කිරීමට ඇති දේ සත්‍ය ලෙසම සළකා බලන බවයි.    ඔබ හොද ඇහුම්කන්දෙන්නෙකු නොවන්නේ නම් කිසි දින හොද නායකයෙකු බවට පත් විය නොහැක.  අප හට අතීතයේදී නොතිබි හා විශේෂයෙන් වර්තමානයේද නොපවත්නා දෙය ලෙස අපගේ නායකයන් ඇහුම්කන්දීමට අකමැති අය වන අතර, එහි අයහපත්ම පාර්ශ්වය ලෙස නායකයා විසින් තමා ඉහළ මට්ටමක සිටින අතර, අනෙකා එසේ නොවන බව සිතීම දැක්විය හැකිය.   මෙම සර්ව අසුබවාදය තුළ නායකයා විසින් ක්‍රමිකව නමුත් අනිවාර්යයෙන්ම රට අපිළිවෙලගත රාජ්‍යයක් බවට පත් කරනු ලබයි.  අනෙකාගේ මතයන්ට ඇහුම්කන්දිම හෝ ගරු කිරීම නොකරන ස්වභාවයේ නායකයන් පිළිගැනීමට හෝ ඔවුන්ට ගරු කිරීමට තවදුරටත් කිසිදු රටක ජනතාව සූදානම් නැත.  එයාකාරයේ නායකයෙකු හට ජනතාව විසින් අපේක්ෂා කරන සමෘද්ධිය උදාකර දීමට හැකියාවක් කිසිදා අත් නොවනු ඇත. නායකයෙකු හට තමා කවරෙකුද යන්න ඔප්පු කළ හැක්කේ ක්‍රියාවෙන් විනා තර්කයෙන් නොවේ.  මෙම රාමුව තුළ අප රටේ ජනතාව හොදින් ඇහුම්කන්දෙන යහපත් නායකයෙකු ලබා ගැනීමේ පිපාසාවෙන් පෙළෙති.   සත්‍ය වසන් කිරීම සඳහා දේශපාලන පාදඩයන් විසින් නිර්මාණය කොට ඇති වැරදි අදහස් මධ්‍යයේ වුවද බොහෝ වූ නායකත්ව ලක්ෂණ සහිත, ජාතික නායකයෙකු වශයෙන් මෑතකාලීනව නිර්මාණය වූ එකම “මනා ඇහුකන්දෙන්නා” ලෙස වර්තමානයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකාවේ දැනටමත් දුකට පත්ව සිටින ජාතියක් වෙනුවෙන් මග හෙලි කිරීමේ වගකීම දැරිය හැකි පුද්ගලයා ලෙස වගකීමෙන් යුතුව නම් කරමි.  අන් කවරදාකටත් වඩා වර්තමානයේ බුද්ධිමතුන්ගේ හා දේශප්‍රේමි පුරවැසියන්ගේ වගකීම වනුයේ දැනටමත් නොමග ගොස් ඇති ජනතාව වෙත යථාර්ථය හා සත්‍ය හෙළි කරමින් ඔවුන් තුළ සත්‍යවාදී දැනුවත් භාවයක් ඇති කිරීමයි. ලොම්බාඩි (2001) විසින් ප්‍රකාශ කළ පරිදි “ස්වයං දැනුවත් භාවය පුද්ගල චරිතයේ පදනම ද, චරිතය අවංක භාවයේ මූලය ද වන අතර, එකී අවංක භාවය නායකත්වයේ පදනම සකසයි.”  මෙම ප්‍රකාශය තුළ දැනුම, චරිතවත් බව, අවංකභාවය යන සාධක යහපත් නායකයෙකු බවට පත්වීම සඳහා කෙතරම් වැදගත් වන්නේද යන කරුණ අවධාරණය කරනු ලබයි.  ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන පරිදි නායකත්වය යනු ජනතාවට මගපෙන්වීමට ඇති හැකියාව වන අතර, එයටත් වඩා වැදගත් ලෙස එකී ජනතාව ලවා එකී මග අනුගමනය කරවීම ද එතුළ අන්තර්ගත වේ.  මෙම සන්දර්භය තුළ වසර 2000 සිට ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසි ප්‍රේමදාස මහතා නිකැළැල් චරිතයක් පවත්වාගෙන යන අයෙකු වන අතර, ජනතාව හා රට කෙරෙහි වූ ඔහුගේ අවංකභාවය සැකයෙන් තොරවූවකි.  චරිතවත් බව හා අවංකභාවය යන සාධක සලකා බලන කල මෙරට කිසිදු දේශපාලක නායකයෙකු හට එතුමා ඉක්මවිය නොහැක. යහපත් දේශපාලන නායකත්වයක මූලික පංචවිධ ගුණාංගබොහෝ අය සම්බන්ධයෙන් ගතකල, යම් ධුරයක් සඳහා අපේක්ෂකයෙකු හට ඡන්දය ප්‍රකාශ කිරීම යනු හුදෙක් දේශපාලන පක්ෂ හිතවත්කම් මත තීරණය වන්නකි.  කෙසේ වුවද තවත් අය තමා තෝරා ගන්නා අපේක්ෂකයා තුළ අපේක්ෂා කරන්නා වූ නිශ්චිත ලක්ෂණ මත පදනම්ව සිය ඡන්දය ප්‍රකාශ කරයි.  ඒ අනුව යහපත් දේශපාලන නායකයෙකු සතු විය යුතු ගුණාංග හෝ ලක්ෂණ කවරේද?  ලෝකයේ සාර්ථකම දේශපාලන නායකයන් කිහිප දෙනෙකුගේ ප්‍රධාන ලක්ෂණ 5 ක් මෙහි දැක්වේ. අවංකභාවයඅවංකත්වය තුළ ඇතැම්විට පුද්ගලයන් පහරදීම්වලට භාජනය වන බැවින් අවංකත්වය යනු ආරක්ෂා කිරීමට දුෂ්කර වෘතයකි.  එමගින් අප සැබැවින්ම කවුරුන්ද යන බව හෙළි කරන අතර, අපගේ අත්වැරදීම් නිරාවරණය කරනු ලබයි.  එමගින් අන් අයහට විවෘතව අප විවේචනය කිරීමේ අවස්ථාව සලසා දෙනු ලබයි.  අවංකත්වය මගින් චරිත වර්ධනයක් සිදුවන අතර, විශ්වසනීයත්වය හා රඳා පැවැතිය හැකි බව ගොඩනංවනු ලබයි.  මේවා, දේශපාලන නායකයන්, කණ්ඩායම් සගයන් හා ඡන්ද කොට්ඨාශ මට්ටමින් ද, තමා වටා සිටින පිරිසගේ විශ්වාසය හා ගෞරවය දිනා ගැනීමේ පදනම් ගත කරුණු වේ. මේ දක්වා සිය දේශපාලන ගමන් මග තුළ හොඳ නමක් පවත්වාගෙන යමින් නිරන්තරයෙන් එය නිරූපණය කරන ප්‍රේමදාසයන්ගේ අවංකභාවය කිසිවෙකුට හෝ ප්‍රශ්න කළ නොහැක.  එතුමා වූ කලි දූෂණය හා අවකල් ක්‍රියාවන් සම්බන්ධ කිසිදු චෝදනාවක් නොමැති හා නඩු හබයන්ගෙන් තොර අප රටේ සිටින දේශපාලඥයන් අතලොස්සක් දෙනා අතරින් එක් අයෙකි.  මෙමගින් එතුමාගේ පූර්ණ අවංකභාවය ඒත්තු ගන්වනු ලබයි.   කරුණාවකරුණාව යනු අන් අයගේ විපතේදී එය අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ දුක නිවා දැමීම සඳහා යම් කිසිවක් සිදු කිරීමේ මානව ගුණාංගයයි.  බොහෝ අය විසින් කරුණාව යනු දුර්වලතාවයක් ලෙස වටහා ගන්නා නමුත් සැබෑ කරුණාව යනු දැනුම ප්‍රඥාව බවට හරවන්නා වු ලක්ෂණයකි.  යහපත් දේශපාලන නායකයෙකු විසින් තමා නායකත්වය සපයන පුද්ගලයන්ගේ අවශ්‍යතා හදුනා ගනිමින් අදාළ සියළු දෙනා හට වැඩිම ප්‍රතිලභා සපයනු ඇත්තා වූ ක්‍රියාමාර්ගය නිර්ණය කිරීම සඳහා කරුණාව නැමැති ගුණාංගය යොදා ගනු ලබයි.  හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් “දුප්පතාගේ හිතවතෙුකු” ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකු විය.  සජිත් ප්‍රේමදාසයන් ද සිය පියා වෙතින් මෙම ශ්‍රේෂ්ඨ ගුණාංගය දායාද කොට ගෙන සිටින අතර, දුගී දුප්පතුන් සම්බන්ධ සහජ ඉවක් සහිත මෙතුමා එය ක්‍රියාවෙන් ඔප්පු කොට ඇත්තෙකි.  එය අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 65,000 කට වැඩි සංඛ්‍යාවක් ලබා දෙමින් නිවාස හා සමෘද්ධි අමාත්‍යවරයා වශයෙන් ගම්මාන 2,500 ක් උදා කිරීමේ කටයුතු ආරම්භ කිරීම ද තුළින් නිරූපණය කරන ලදී.  මෙය වූ කලී සැබෑ කරුණාව සම්බන්ධ සම්භ්‍යව නිදසුනකි.   සෘජු බවසෘජු බව යන වදන “පව් පින් පිළිබඳ හා ආචාර ධර්ම පිළිබඳ මූලධර්ම අනුව කටයුතු කිරීම හා පව් පින් පිළිබඳ හැගීමක් සහිත මනා චරිත ස්වභාවය” වශයෙන් අර්ථ නිරූපණය කෙරේ.එය අවංකභාවය හා අකුටිල බව යන්නට සමාන පදයක් වන අතරදේශපාලන නායකත්ව මට්ටමේ කටයුතු කරන අය සදහා අත්‍යවශ්‍ය ලක්ෂණයකි.  සිය අභ්‍යන්තර වටිනාකම්වලින් බැහැරව කටයුතු කිරිම තුළින් යම් ලාභ ප්‍රයෝජන අත්වන විටදී පවා කිසිවිටෙක හෝ එම වටිනාකම්වලින් බැහැරව කටයුතු නොකරන බවට මෙකී සෘජුබව සහිත දේශපාලන නායකයන් පිළිබද විශ්වාසය තැබිය හැක.  නායකයෙකු තුළ සිය අනුගාමිකයන්ගේ විශ්වාසය පැවතිය යුතුය.  සජිත්ගේ කණ්ඩායම තුළ වරදකරුවන්ට හා නූගතුන්ට කිසිදු ස්ථානයක් නොමැති අතර, එය වූ කලි ශ්‍රේෂ්ඨ නායකයෙකුගේ මනා චරිතය පිළිබද පැහැදිලි දර්ශකයකි.  තනතුරු හා වගකීම් කුසලතා පදනම මත ලබා දෙන අතර, ඒවා අදාළ නිශ්චිත විෂය ක්ෂේත්‍රයේ සුදුසුකම්ලත් අයවළුන් හට විනා කිසි විටෙක හෝ මිත්‍රත්වය හා ඥාතිත්වය පදනම් කොට ලබා දෙනු නොලබයි.  මෙයයි රටක් දියුණු කළ හැකි එකම මග.  මේ සදහා සෘජු බව පිළිබද ඉහළම ප්‍රමිතියක් පැවැතිය යුතු වේ. විශ්වාසවන්ත බවදේශපාලන නායකයෙකු පිළිබද විශ්වාසයක් පවතින්නේය යන්න තුළින් අදහස් කෙරෙන්නේ ඔහු හෝ ඇය නිවැරදි, නිසි හෝ ඵලදායි අයුරින් කටයුතු කරනු ඇතැයි පවත්නා විශ්වාසය හෝ ඇදහිල්ල වේ.  මනා දේශපාලන නායකයෙකු තමා කෙරෙහිම මෙන්ම නායකත්වය සැපයීම සඳහා තමා තුළ පවත්නා හැකියාව පිළිබඳව ද විශ්වාසයක් ඇති අයෙකු විය යුතුය.  අන් අයද සිය මගට ගනිමින් අදාළ කාර්යය සිදු කරවීමේ ගතිකත්වයක් හා පෙළඹවීමක් ඇති කරමින් මෙම ගුණය සහිත නායකයෝ අන් අය වෙත ආභාසයක් ලබා දෙති.  විශ්වාසවන්ත බව යනු පුද්ගලයන්ගේ හා දේවල්හි සාර්ථකත්ව අනුපාතය මැනීමේ ප්‍රධාන මෙවලම වේ.  දර්ශනසූරි උපාධියක් පිරිනැමීමේදී පවා අදාළ අපේක්ෂකයාගේ හා විෂයෙහි විශ්වාසවන්ත බව සැළකිල්ලට ගනු ලැබේ.  දරුවෙකු පාසලට ඇතුළු කිරීමේදී වේවා, වාහනයක් මිලදී ගැනීමේදී වේවා, ඕනෑම භාණ්ඩයක් මිලදී ගැනීමේදී වේවා විශ්වසනීයත්ව මට්ටම සැළකිල්ලට ගනු ලැබේ. දේශපාලන නායකත්වය සම්බන්ධව ගත්කළ විශ්වාසනීයත්ව මට්ටම යනු අතිමහත් වැදගත්කමින් යුත් ගුණාංගයක් වන අතර, අස්ථාන ගත වුවහොත් සොයාගත නොහැකි දෙයක් ද වේ.  මෙම සන්දර්භය තුළ ප්‍රේමදාසයන් විසින් මහජන විශ්වාසය අහිමි කොට ගෙන නොමැති නමුත් මතු ක්‍රියාකාරීත්වය තුළින් එය සනාථ කළ යුතුව පවතී.  නිදහසින් පසු, විශේෂයෙන් 1977 න් පසු, ප්‍රධාන වශයෙන් අවංක නොවීම හා විශ්වාසවන්ත නොවීම යන හේතු කාරණා මත ජනතා විශ්වාසය දිනා ගැනීම විෂයයෙහි සියළු දේශපාලන නායකයෝ අසමතුන් වූහ.   නම්‍යශීලී භාවයදේශපාලන නායකයෙකු සම්බන්ධයෙන් නම්‍යශීලි භාවය යන්නෙන් අදහස් කෙරෙන්නේ දේශපාලනයේ පවත්නා ගනු-දෙනු පැතිකඩයන් වටහා ගනිමින් පොදු භූමියක් සොයා ගැනීමේ හැකියාවයි. යහපත් දේශපාලනඥයෝ හුදෙක් අන් අයගේ තර්ක ශ්‍රවණය කිරීම සඳහා පමණක් නොව යම් සම්මුතියකට එළඹීම සඳහා එමගින් අදාළ සියළු පාර්ශවයන්ට ගත හැකි හරය ඉගෙනීම සඳහා සියළු පාර්ශ්වකරුවන් හට ප්‍රවේශමෙන් ඇහුම්කන් දෙති.  මෙම ලක්ෂණය මගින් පසුබැසීම් හා විවේචන හදුනා ගන්නා අතර ඒවායින් උගනිමින් ඉදිරියට ගමන් කිරීම සඳහා දේශපාලන නායකයන් හට අවකාශ සළසා දෙනු ලබයි.  යම් දේශපාලන නායකයෙකු හට විවේචන භාරගත නොහැක්කේ නම් එමගින් ඔහු තුළ පවත්වා දේශපාලන දැනුමේ, අධ්‍යාපනයේ, චරිතයේ හා විශ්වාසවන්තභාවයේ පවත්නා අඩුපාඩුකම්, තමාගේ පෞද්ගලික දෝෂයන් පිළිගැනීමට මැලිවීම, ඇහුම්කන්දීමට හා ඉන් ඉගෙනීමට සූදානම් නොමැති බව හා හීනමානයද ඇතුළත්ව අන් අයගේ අදහස්වලට ගරු නොකිරීම ද ඇතුළත් බොහෝ දුර්වලතා පෙන්නුම් කරනු ලබයි.  එය වූ කලී හීනමානය ඇති කරන්නා වූ ශාරීරික අපයෝජනය, මානසික අපයෝජනය හා භාවමය අපයෝජනය මිශ්‍රිත තත්ත්වයකි.  වාසනාවන්ත ලෙස ප්‍රේමදාස මහතා මෙම කාණ්ඩයට ඇතුළත් නොවන අතර, ජාතික නායකයෙකු වශයෙන් සුදුසුකම් ලැබීම සදහා ප්‍රමාණවත් නම්‍යශීලිත්වයක් පෙන්නුම් කර ඇත. ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෝශ්‍රේෂ්ඨ දේශපාලන නායකයන් තුළ මේ සියළු ගුණාංග මෙන්ම තවත් ගුණාංග ද ඇත.  එතුළ විවිධ අදහස්වලට ගරු කරමින් ගැටළු විශ්ලේෂණය කරමින් පක්ෂපාතිත්වය හෝ දේශපාලන පක්ෂ පදනමින් නොව යහපත් හා නිවැරදි වන්නේ කවරක් ද හා සමස්ත ජාතියේම යහපත සලසනුයේ කවරක් මගින්ද යන්න සැලකිල්ලට ගනිමින් වඩාත් යහපත් විසඳුම් හඳුනා ගැනීමේ ලක්ෂණ දක්නට ලැබේ.   දේශපාලන නායකයෙකුගේ ප්‍රමුඛතාදේශපාලන නායකයෙකුගේ පළමු ප්‍රමුඛතාව විය යුත්තේ තමාට පමණක් නොව සිය රටට සේවය කිරීමයි.  දේශපාලනය තරගකාරී හා ඇතැම් විට දූෂිත එකක් ද විය හැක්කේය යන කරුණ මධ්‍යයේ වුවද දැඩි සේ “තමාට පෙර රට” යන ආදර්ශ පාඨය තුළ කටයුතු කරමින් රට වෙනුවෙන් වඩාත් යහපත් වන්නේ කවරක් ද යන කරුණ තුළ සිය කටයුතු එකේලිගත කළ යුතුය.  ඒ අනුව ජාතියේ යහපත උදෙසා දේශපාලන නායකයෙකු හට අවශ්‍ය වන්නේ නම් ජනප්‍රිය නොවන තීරණ ගැනීමට හැකිවිය යුතුය.  අන් අයුරකින් ප්‍රකාශ කරන්නේ නම් නායකයෙකු දේශප්‍රේමියෙකු විය යුතුය.   දෙවනුව, නිශ්චිත විෂයයන් හි ප්‍රවීණයන් කවුරුන්ද යන කරුණ තුළ විශ්වාස කළ හැක්කේ කවුරුන්ද යන කරුණ ද නායකයකු විසින් දත යුතුය.  වඩාත් වැදගත් ලෙස ප්‍රවීණයකු විශ්වාස කළ යුත්තේ කවර අවස්ථාවන්හිදී ද පෞද්ගලිකවම විමර්ශනයන් සිදු කළ යුත්තේ කවර අවස්ථාවන්හිදීද යන කරුණ නායකයෙකු විසින් දත යුතුය.  මනා විනිශ්චයන් මත පදනම්ව සුදුසු හා කාලීන තීරණ ගැනීම සඳහා අවශ්‍ය නිවැරදි කුසලතාවයන් නායකයා සතු විය යුතුය.  නායකයා අපක්ෂපාතීව කටයුතු කළ යුතුය.   තෙවනුව, දේශපාලන නායකයෙකු විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ පවත්නා ශක්තීන් හා, වඩාත් වැදගත් ලෙස, දුර්වලතාවයන් ද දත යුතු අතර, එනමුත් සිය අනුගාමිකයන් හට නායකත්වය සැපයීමේදී ඔවුන්ට ගරු කරමින් ඇහුමුකන්දීම ද සාමූහික වගකීම හා කණ්ඩායම් හැඟීමද වර්ධනය කළ යුතුය. සිව්වනුව, දේශපාලන නායකයෙකු සාමාන්‍ය දැනීමෙන් යුක්ත අයෙකු විය යුතු අතර සිය රටේ පමණක් නොව වැදගත් අන් රටවලද ඉතිහාසය පිළිබඳව දැනුවත් භාවයක් සහිත අයෙකු විය යුතුය.  හුදෙක් පසුගිය සිදුවීම් පිළිබඳව මූලික දැනුමක් සහිත මට්ටම ඉක්මවා සාමාන්‍ය පුරවැසියෙකුට වැඩි දැනුමක් ඇත්තෙකු විය යුතුය.  ලෝක දේශපාලනය පිළිබඳ දැනුවත්භාවය සහිතව එමගින් සිය රටට සිදුවන බලපෑම විග්‍රහ කිරීමට හැකි විය යුතුය.   අවසන, දේශපාලන නායකයෙකු හට උපදේශකයන් වශයෙන් සිය මිතුරන් හා ඥාතීන් නොව, ඉහළ සුදුසුකම්වලින් සමන්විත වෘත්තිකයන්ගෙන් යුත් කණ්ඩායමක් සිටිය යුතුය.  ඉහළ හා ජාතික වගකීම් ලබා දීමේදී යම් නියමයන් අදාළ විය යුතුය.  ඔහු විසින් නිරතුරු සිය පෞද්ගලික යහපත නොව පොදු යහපත පිළිබඳ සිතිය යුතුය.   සජිත් ප්‍රේමදාස පැති පෙණුමප්‍රේමදාස යනු ශ්‍රී ලංකාවේ ජනාධිපති (1989-1993) රණසිංහ ප්‍රේමදාසයන්ගේ පුතණුවන් වේ.  ලන්ඩන්හි ආර්ථික විද්‍යාව පිළිබඳ පාසලට ඇතුළත් වීමට පෙර කොළඹ රාජකීය විද්‍යාලයෙන් හා මිල් හිල් පාසලෙන් අධ්‍යාපනය ලැබීය.  1993 වසරේදී සිය පියා ඝාතනය වූ අවස්ථාව වන විට එතුමා මේරිලන්ඩ් විශ්ව විද්‍යාලයේ සිය පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වෙමින් සිටියේය. ශ්‍රී ලංකාවට පැමිණි පසු  ඉක්බිති එතුමා එක්සත් ජාතික පක්ෂයට බැඳී හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසියේය.  2000 වසරේදී පාර්ලිමේන්තුවට තේරි පත් වූ එතුමා 2001 වසරේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලද අතර, එම ධුරයේ 2004 වසර දක්වා සේවය කළේය.  2011 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකවරයා වශයෙන් පත් කරන ලද අතර, 2015 වසරේදී ජනාධිපති සිරිසේන මහතාගේ ජාතික රජයේ නිවාස හා සමෘද්ධි කැබිනට් අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලදි.  එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් 2019 නොවැම්බර් මස පැවැති ජනාධිපතිවරණයට තරඟකර වැඩි ඡන්ද සංඛ්‍යාවෙන් දෙවැනි ස්ථානයට පත්විය. 2019 දෙසැම්බර් මාසයේදී විපක්ෂ නායක ධුරයට හා (ශ්‍රී ලංකාවේ) ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වශයෙන්ද පත් කරන ලදී.  2020 ජනවාරි 30 දින නව එ.ජා.ප. නායකත්වයෙන් යුත් සන්ධානයේ නායකවරයා (ඒ අනුව අගමැති අපේක්ෂකවරයා) වශයෙන් තෝරා පත්කර ගන්නා ලදී.   මුල් යුගය හා අධ්‍යාපනයප්‍රේමදාස මහතා ශාන්ත තෝමස් මූලික පාසලෙන් හා රාජකීය විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලද අතර ලන්ඩනයේ මිල් හිල් විද්‍යාලයේදී සිය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපන කටයුතු සිදු කරන ලදී.  දේශපාලන විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය විෂයයන් සඳහා උසස් පෙළ සම්මාන ත්‍යාගය දිනූ ප්‍රේමදාස මහතා ශිෂ්‍ය නායකයෙකු වශයෙන් පත් කරනු ලැබීමට අමතරව වසර 4 ක් පළමු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරමින් 1986 වසරේදී එම කණ්ඩායමේ නායකත්වයටද පත්විය. ආර්ථික විද්‍යාව පිළිබඳව ලන්ඩන් පාඨශාලාවේ හා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකු වන ඒ මහතාගේ උපාධිය තුළ ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, ජාත්‍යන්තර සබඳතා යන විෂය ක්ෂේත්‍රයන් ආවරණය වූ අතර, බිම් මට්ටමේ දේශපාලනඥයෙකු වශයෙන් සිය දේශපාලන කටයුතු ආරම්භ කළ සමය වන විට එම අධ්‍යාපනය එතුමා හට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් එකක් විය.  දකුණු ඩැකොටාහි රිපබ්ලිකන් පාක්ෂිකයෙකු වූ සෙනෙට් සභික ලැරී ප්‍රෙස්ලර් යටතේ විදේශ සබඳතා කමිටුවේ සීමාවාසිකත්වය ලද ප්‍රේමදාස මහතා ජෝන් මැකේන් හා පෙරදී ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වූ ජෝන් කෙරි මහතාද ඇතුළත් බලසම්පන්න සෙනෙට් සභිකයන් බොහෝ දෙනෙකු ද හමු විය.  එක්සත් ජනපදයේ සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරමින් සිටින සමයේදී සිය පියාගේ අභාවයත් සමගින් ඒ මහතා හට ශ්‍රී ලංකාවට ආපසු පැමිණීමට සිදුවිය. දේශපාලන දිවියේ මුල් සමයප්‍රේමදාස මහතා 1993 දී සිදුවූ සිය පියාගේ ඝාතනයත් සමගින් දේශපාලනයට ප්‍රවිශ්ට විය.  සිය පියාගේ පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ එතුමා 1994 වර්ෂයේදී හම්බන්තොට එ.ජා.ප. සංවිධායකවරයා වශයෙන් පත් කරන ලද අතර, එහිදි එතුමා විසින් දුගී බව දුරලීම හා නිවාස සංවර්ධනය සඳහා ව්‍යාපෘති ගණනාවක් දියත් කරන ලදී.  එතුමා විසින් “තරුණ සවිය” නැමැති යෞවන ව්‍යාපාරය ද;හම්බන්තොට දිස්ත්‍රික්කයේ දුගී දුප්පත්කම මුලිනුපුටා දැමීම සඳහා වූ “ජනසුවය” ජනතා සංවර්ධන පදනම ද: 2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම හා සමගාමීව බෞද්ධ විහාරස්ථාන හා දහම් පාසල් සඳහා ආධාර ලබා දීමේ “සසුනට අරුණ” වැඩසටහනද ආරම්භ කරන ලදී.    පාර්ලිමේන්තුවඑතුමා 2000 වසරේ පැවැති මහ මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරග කොට එ.ජා.ප. මනාප සංඛ්‍යාවෙන් 83% ක් ලබමින් පාර්ලිමේන්තුවට තේරි පත්විය.  එතුමා 2001 මහ මැතිවරණයේදී 82% ක මනාප ප්‍රතිශතයක් ද, 2004 මැතිවරණයේදී 84% ක මනාප ප්‍රතිශතයක් ද 2010 මහ මැතිවරණයේදී 89% ක මනාප ප්‍රතිශතයක්ද, 2015 මැතිවරණයේදී 86% ක මනාප ප්‍රතිශතයක් ද ලැබීය.   පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වයනොකඩවා පැවැති මහ මැතිවරණ හතරකදී සියළු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන් අතරින් ඉහළම මනාප ඡන්ද ප්‍රතිශතය ලැබූ ප්‍රේමදාස මහතා ලැබූ එකී මනාප ප්‍රතිශතය වූ කලී හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ඡන්ද සංඛ්‍යාවෙන් 90% ට මදක් අඩු ඡන්ද සංඛ්‍යාවක් විය.  2011 වර්ෂයේදි ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායකත්වයට තෝරා පත්කර ගන්නා ලද අතර, 2013 වසරේදී එම තනතුරෙන් ඉවත් කරන ලදී.  කෙසේ වුවද 2014 සැප්තැම්බර් මස 24 වන දින නැවත එම තනතුරට පත් කරන ලද එතුමා 2020 ජනවාරි 03 වන දින සිට විපක්ෂ නායක තනතුරට පත් කිරීම සඳහා 2019 දෙසැම්බර් 05 වන දින නම් කරන ලදී. අප රටේ ශ්‍රේෂ්ඨ දේශපාලන නායකයෙකු බවට පත්වීම සඳහා අදාළවන ගති ලක්ෂණ සතු වන්නේ කවුරුන් තුළද යන කරුණ නිර්ණය කරනු පිණිස අපක්ෂපාති ලෙස පහත සඳහන් සටහන පුරවා සිය තක්සේරුව ලබා දෙන ලෙස පාඨකයන් වෙත මෙයින් ආරාධනා කෙරේ. 

වඩාත් යෝග්‍ය දේශපාලන නායකත්වය තෝරා ගැනීම.සාර්ථක නායකයන් විසින් විවිධ මට්ටම් වලින් මෙකී සියළු නායකත්ව ලක්ෂණ ප්‍රදර්ශනය කළ හැකි නමුත් සියළු යහපත් නායකයෝ අවම වශයෙන් මෙම ගති ලක්ෂණ කිහිපයකින් හෝ බොහොමයකින් සන්නද්ධ වූවෝ වෙති.  ඔවුහු දේශපාලන වැඩබිම ද ඇතුළත්ව නායකත්ව මට්ටම් කොඳු නාරටිය බවට පත්වෙති.  අවංක භාවය ද සමගින් ඉහත දැක්වූ නායකත්ව ගුණාංග බොහොමයක් සහිත නායකයා යනු බොහෝ සංවර්ධිත රටවල සාර්ථකත්වයේ රහස වේ.  මෙම කුසලතාවයන්ගෙන් තොරව, සැබෑ නායකත්වයක් පැවතිය නොහැක.  දැන් ඔබට අප රටේ වඩාත් සුදුසු දේශපාලන නායකත්වය තෝරා ගැනීමේ ස්වයං තක්සේරුව සිදු කළ හැක.  අවසානයේ ඉහළ ලකුණු සංඛ්‍යාව ලබා ගන්නා අපේක්ෂකයා තර්කානුකූලව අන් අයට වඩා යෝග්‍ය පුද්ගලයා බවට පත් වේ. “මේ මුළු අන්ධකාරයෙන් සහනයක් ලබා දීම සඳහා වන යහපත් පණිවිඩය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදය යනු සහජයෙන්ම තමාම නිවැරදි කර ගන්නක් වීමයි.  මෙහිදි ජනතා පරමාධිපත්‍යයක් පවතී.  අදක්ෂ දේශපාලන නායකයන් මාරු කළ හැක.  අමනෝඥ ප්‍රතිපත්ති වෙනස් කළ හැක. හානිකර වැරදි නැවත හැරවිය හැක.”

– තියඩෝර් සී. සොරන්සන්