ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර වාදය පිළිබඳව බරපතළ ප්‍රශ්න රැසක් මේ වනවිට උද්ගතව ඇති බවත්,දෙතුන් දෙනෙකුට එක්ව තනිව තීන්දු ගැන රටක් පාලනය කළ නොහැකි බවත්,පොදුජන එක්සත් පෙරමුණේ ජේෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන බවට ආණ්ඩුව පොරොන්දු වී ඇතත් එය කොහේ කොතැනක කවුරුන් සමග එක්ව කොහොම සකස් කරනවා ද කියා තමන් නම් නොදන්නා බවත් පැවසූ ඒ මහතා තමන්ගේ නිහඬතාවය බරපතළ කලකිරීමක ප්‍රතිඵලයක් බවත් එය බොහෝවිට නුදුරේදී ම පුපුරා යා හැකි බවත් ඒ මහතා ආණ්ඩුවට අනතුරු හඟවමින් පවසයි.

මේ අතර පසුගියදා ජේෂ්ඨ දේශපාලනඥයෙකු වූ ඩිව් ගුණසේකර මහතා පවසා සිටියේ ජනාධිපති පඹයෙක් බවත් කැබිනට් මණ්ඩලය හරකුන් රංචුවක් බවත්ය.