ආර්ථිකය කුඩා කොට රට ගොඩනැඟිය නොහැකි බවත්, එහෙත් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ ආර්ථිකය සංකෝචනය කොට හැකිලවීම බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මෙය මුළු රටම අගාධයකට තල්ලු කරන අය වැයක් බව පැවසූ විපක්ෂ නායකතුමා මෙයින් සිදුවන්නේ තව තවත් ජන ජීවිත ව්‍යාකූල වීම බවද පැවසීය.

මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හෝ මැතිවරණ කොමිෂමේ උනන්දුවක් නැති බව පැවසූ විපක්ෂ නායකතුමා මැතිවරණයක් පවත්වන නිවේදනයක්, නිවේදනය කිරීමේ තත්වයට වැටී ඇතැයිද පැවසීය.