මේ වන විට විපක්ෂයක් ලෙස තම රාජකාරිය නිවැරදිව ඉටුකරමින් සිටින බවත් වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට හිතවාදී අණ පනත් ගෙන එන්නේ විපක්ෂනායකවරයා උදේ ඉදන් හවස් වන තුරු පාර්ලිමේන්තුව තුල ජනතාව වෙනුවෙන් අසනු ලබන ප්‍රශ්න මූලික කරගනිමින් බවත් හෙක්ටර් අප්පුහාමි මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

හෙක්ටර් අප්පුහාමි මහතා ආණ්ඩුවට චෝදනා කරන්නේ මේ රටේ අහිංසක ව්‍යාපාරිකයින්, කර්මත්කරුවන් මේ වන විට ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටින්නේ අද වන විටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස විසින් ගත් වරදී ක්‍රියාමාර්ග හා තීන්දු තීරණ නිසා බව කියමින්. ඒ මහතා කියා සිටින්නේ අද වන විට පරටේ නිතිය පිළිබඳව නැවත නැවතත් කතා කිරීමට සිදුවී තිබෙන්නේ මේ හේතුව නිසා බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති, තීන්දු තීරණ පමණක් රට ගෙනයන වැඩපිළිවෙල කරගත් වත්මන් රජය, රාජ්‍ය සේවකයාගේ වැටුපට අධික ලෙස බදු ගහමින් රටේ ජනතාව වලපල්ලට ඇද දමා ඇති බවයි, ඒ මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටින්නේ.