ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ තිබෙන විරෝධය වැඩිවීමත්, ලබන වසර තුල ජාතික මැතිවරණ දෙකකට මුහුණදීමට සිදුවීමත්, පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ජන වරමක් නොමැති අත්තනෝමතික පාලන තන්ත්‍රයට එරෙහිව විපක්ෂයේ ක්‍රියාමාර්ග ප්‍රබල වීමත් නිසා ආණ්ඩු පාර්ශවයේ සජිත් භිත්කාව තව තවත් වැඩි වී තිබේ.

කිසිඳු පදනමකින් තොර පොහොර තීන්දුවක් මගින් ජනතාව ව්‍යසනකාරී තත්වයකට ඇද දැමීමට මුලිකත්වය ගත් මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් පසු දැන් විදෙශකයෙකුගෙන් කප්පම් ගැනීමකට වරදකරුවකු වී වසර තුනක අත්හිටවූ සිරදඬුවම් ලබමින් සිටින ප්‍රසන්න රණතුංග දැන් ආණ්ඩුවේ දුම්මලවරම අතටගෙන තිබේ.

නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ මධ්‍ය ලේකම් විසින් 2023.12.17 දින අංක 411 වැනි මාධ්‍ය නිවේදන නිකුත් කර තිබේ. නාගරික සංවර්ධනය සහ නිවාස අමාත්‍යවරයා ලබාදී ඇති උපදෙස් ඇතලත් කර මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිවාස වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් එම මාධ්‍ය නිවේදනයේ ඇතුලත් වූවත්, එහි අරමුණ වී තිබෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට බොරු චෝදනා එල්ල කිරීමයි. 

2020 බලයට පැමිණි දින සිට සජිත් භීතිකාවෙන් පෙලෙන වත්මන් රජය මහජනතාව වෙනුවෙන් සංවර්ධන වැඩසටහනක් සහ සුභසාධක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවට වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් අභූත චෝදනා ඉදිරිපත් කිරීම සාමන්‍ය තත්වයක් බවට පත්ව තිබේ. මෙම අභූත චෝදනා මෙරට මහජනයා පිළිනොගන්නා බව, මේ හොර නඩය තවමත් තේරුම් ගෙන නැත. කෙසේ වෙතත් මාධ්‍ය නිවේදනයට මුවා වී ප්‍රසන්න රණතුංග අමාත්‍ය වරයා නගන බොරු අවලාද වලට පිළිතුරු සැපයිය යුතුව ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

ශ්‍රී ලංකාවේ විදිමත් නිවාස වැඩපිළිවෙල

නිවසක අයිතිය ලබා ගැනීම මෙරට පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකමක් ලෙස සලකා විදිමත් වූද, වේගවත් වූද, නිවාස වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛයා වූයේ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපති වරයා බව ප්‍රකාශ කල යුතුය. දිලිදු ජනයා වෙනුවෙන් එතුමාගේ නිවාස වැඩසටහන අදියර 3 කින් ක්‍රියාත්මක විය.

උදාගම්මන

    පළමු අදියර – නිවාස ලක්ෂයේ වැඩසටහන

    දෙවන අදියර – නිවාස දස ලක්ෂයේ වැඩසටහන

    තුන්වන අදියර – නිවාස පහලොස් ලක්ෂයේ වැඩසටහන

 

රජයේ ප්‍රතිපාදන උපයෝගී කර ගන්මින් නිවාස ලක්ෂයේ වැඩසටහන මගින් සෘජුව නිවාස ඉදිකර දීම ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කර සාර්ථකව අවසන් කරන ලදී.

නමුත් නිවාස දසලක්ෂය සහ පහලොස්ලක්ෂය වැඩසටහන් වලිදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සෘජුව නිවාස ඉදිකර ප්‍රතිලාභීන්ට භාර දීම වෙනුවට ප්‍රජා සහභාගීන්ට ක්‍රමවේද උපයෝගී කර ගෙන නිවාස පදිංචි කතෘවරු බවට පොදු ජනතාව (ප්‍රතිලාභීන්) පත්කර ඊට අධාර අනුබල දීම පමණක් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් සිදුකරන ලදී. ඒ යටතේ ප්‍රාදේශීය ලේකම් තුමන්ලා සහ ජතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් භාර කලමණාකාර තුමන්ලා ප්‍රතිලාභීන් තොරා ගෙන රජයේ ඉඩම් කොටසක් ලබා දෙන අතර, අත්තිවාරම දැමීමේ සිට වහල ගසා අවසන්ව නිවාස පදිංචියට සුදුසු මට්ටමට පැමිණෙන තෙක් අදියර වශයෙන් ( ඉදිකිරීම් ප්‍රකාශයට අනුකූලව) මුදල් නිදහස් කරනු ලැබේ.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නිවාස වැඩපිලිවෙල

2015-2019 අතර කාලයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමන් නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලද එතුමා වෙත පවරා තිබුනේ ග්‍රාමීය නිවාස වැඩසටහන සම්බන්ධ වගකීම පමනි.

පහත සදහන් නිවාස ක්ෂේත්‍ර වෙනත් අමාත්‍යවරුන්ගේ විෂය පථයට අයත් විය.

  • වතු නිවාස ක්ෂේත්‍රය
  • නාගරික නිවාස ක්ෂේත්‍රය
  • ආපදා කළමාණාකරු නිවාස ඉදිරිපත් ක්ෂේත්‍රය.

ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමාට නිවාස අමාත්‍යවරයා වශයෙන් පැවරුනු ග්‍රාමීය නිවාස වැඩපිළිවෙල යටතේ නිවාස ඉදිකිරීම් වගකීම් කොන්ත්‍රාත් කරුවන්ට නොපරවන ලදී. 

එතුමා වෙනත් ක්‍රමවේදයක් අනුගමන කර සේවා ප්‍රතිලාභීන්ගේ ශක්තිය විශ්වාස කල අතර මූල්‍ය ආධාර සැපයීම් පමණක් ජාතික නිවාස අධිකාරීයෙන් සිදුකර තමන්ගේ නිවාස තමන්ගේම විමර්ශනයෙන්, තමන්ගේම ශක්තියෙන්, තමන්ගේම ශ්‍රමයෙන් ඉදිකර ගැනීමට ප්‍රතිලාභීන්ට අවස්ථාව සලසා දෙන ලදී. 

නමුත් ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවලාද නැගීමට සහ ජනතාව අතර වැරදි මතයක් ගොඩනැගීමට පහත් උත්සහයක යෙදෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ පාලන කාලයේදී ග්‍රාමීය නිවාස වැඩපිළිවෙල කොන්ත්‍රාත්ක්‍රමයට ක්‍රියාත්මක කරන ලද වැඩපිළිවෙලක් බව ඒත්තූ ගැන්වීමටය. නමුත් එම නිවාස වැඩපිළිවෙල ප්‍රජා සහභාගීත්ව ක්‍රමවේදය අනුගමනය කල වැඩපිලිවෙලකි. 

මෙවැනි ප්‍රජා සහභාගීතිව වැඩලිළිවෙලක් යටතේ නිවාස ඉදිකරන විට එම ඉදිකිරීම් සඳහා යම් කාලයක් ගතවනු ඇත. කොන්ත්‍රාත් ක්‍රමයට නිවසක් ඉදිරිකන්නේ නම් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු සමග කාලවකවානු සඳහන් කර ගිවිසුමකට එළඹීය හැක. නමුත් ග්‍රාමීය නිවාස වැඩපිලිවෙල දුප්පත් ප්‍රජාව සමඟ ක්‍රියාත්මක කරන බැවින් ඉදිකිරීම් කාලය තීරණය වන්නේ ප්‍රතිලාභීන්ගේ කැපවීම සහ දායකත්වයේ ප්‍රමාණ මතය.

 ග්‍රාමීය නිවාස වැඩපිළිවෙලේ ඉලක්ක පසුරා ගැනීම සහ ව්‍යාපෘති අතර මග නතර කිරීම.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා නිවාස අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ග්‍රාමීය නිවාස වැඩසටහන සඳහා අතිවිශාල මුදලක් සැලසුම් සහගතව යොදවන ලදී.

ඒ බැව් පහත සටහනින් විස්තර වේ.

ග්‍රාමීය නිවාස වැඩපිළිවෙල

 

2015 වර්ෂයේදී ආරම්භ කරන ලද නිවාස ගම්මාන බොහොමයක වැඩ අවසන් කර ඇත. ඒ ආකාරයටම 2016,2017,2018 වර්ෂ වලදී ආරම්භ ලරන ලද ඉදිකිරීම් ද ප්‍රතිලාභීන් විසින් තම ශක්තිය අනුව සහ භාණ්ඩාගරයෙන් මුදල් ලැබෙන ප්‍රමාණය හා රටාව අනුව අවසන් කර ඇත. එසේ වුවද 2019 වර්ෂයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද නිවාස ගරු සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා නිවාස අමාත්‍ය ධූරයෙන් සමු ගන්නා අතර 2019 නොවැම්බර් දක්වා මෙම වැඩපිළිවෙල සාර්ථකව සිදුවිය. 

ප්‍රජා සහබාගීත්ව ක්‍රමවේදයට අනුව පමණක් නොව ප්‍රතිපාදන කොන්ත්‍රාත් කරුවෙකුට ලබා දී ඉදිකිරීම් සිදු කරත් 2019 ඉදිකිරීම් ආරම්භ කළ නිවසක ඉදිකිරීම 2019 නොවැම්බර් වන විට මාස 11 කදී නිම කිරීම දුෂ්කර බව ඔනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. නමුත් සත්‍යය පිළිබඳව ඒ ආකාරයට දනුව වුවත් මහජනතාව නොමග යවමින් දේශපාලන වාසි ලබා ගැනීම පිණිස  වත්මන් නිවාස අමාත්‍යවරයා මෙම නිවාස ඉදිකිරිම සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍ය තුමා අතරමග නතර කරන ලද වැඩසටහනක් බව ඒත්තු ගැන්වීමට නිර්ලජ්ජි උත්සහයක යෙදෙමින් සිටි.

සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද

ප්‍රජා සහභාගීත්වයෙන් පියවරෙන් පියවර ක්‍රමාණුකූලව සිදුවෙමින් පවතින විට මේ රජය බලයට පත්වූ විගස ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ නිවාස වැඩපිළිවෙල සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීම අත්හිටුවන ලදී. එලෙස ප්‍රතිපාදන ලබාදීම අත්හිටුවා එම ප්‍රතිලාභ හරහා ඉදිකරමින් සිටි නිවාස වල්බිහිවෙන්නට ඉඩහරින ලදී. ඉන් පසුව දැන් අවුරුදු 3-4 අතර කාලයක් ගත වූ පසුව සජිත් ප්‍රේමදාස ගරු අමාත්‍යතුමා ඉදිකිරීම් අත්හරින ලද නිවාස විදේශීය ආයෝජකයකු මැදිහත් කරගෙන ඉදිකිරීම් ආරම්භ කරන බව ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ සුපුරුදු විහිලු සැපයීමකි.

පසුගිය වසර 3ක 4ක කාලය තුල මෙම නිවාස ඉදිකිරීම් අත්හැර දෑමා වල්බිහිවීමට ඉඩ හැර ජාතික ධනය විනාශ මුඛයට ඇද දැමීම පිළිබඳව වත්මන නිවාස අමාත්‍යවරයා කරුණු පැහැදිලි කල යුතුය.

2019.11.26 දින භාණ්ඩාගාර නිලධාරියෙකු විසින් වාචිකව උපදෙස් නිකුත් කර එවකට සාර්ථකව ඉදිකිරීම් සිදුකරමින් සිටි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉදිකිරිම් අත්හැර දැමුවා සේම 2015-2019 කාලයේ ආරම්භ කරන ලද නිවාස වලට ප්‍රතිපාදන ගලා ඒම වසර 3-4 ක් අත්හිටුවීමද ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට බොරු අවලාද නැගීමට උපයෝගී කරගත් නිර්ලජ්ජි උත්සහයයි. නමුත් ඒ මගින් මෙම දූෂීත පාලකයින් පලි ගත්තේ නිවාස ප්‍රතිලාභීන්ගෙන් බව මුළු රටම දන්නා කරුණකි.

ප්‍රතිලාභයන් තෝරා ගැනීම

2015-2019 කාලය තුල නිවාස ණය වැඩපිලිවෙල ක්‍රියාත්මක කල යුතු ආකාරය පිලිබඳ පැහැදිලි  චක්‍ර ලේඛ උපදෙස් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කලමණාකරුවන්ට නිකුත් කර තිබුණි. ඒ අනුව ප්‍රතිලාභීන් තෝරා ගැනීම රාජ්‍ය නිළධාරීන්ගේ මැදහත්වීම සහ විනිවිදභාවයෙන් යුතුව දේශපාලන භේදයකින් තොරව සිදු කර තිබුණි.

මාධ්‍ය නිවේදනයට අනුව නුසුදුස්සන්ට ඉතිරි ණය වාරික ලබා නොදෙන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් වාසියක් ගැනීමට බව ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් අනුව මෙරට පොදු ජනතාව හොඳින්ම දනී.

සූර්ය පැනල මගඩිය

වත්මන් රජය බලයට පැමිණි විට කියා සිටියේ නිවාස ඉදි කිරීමට දුන්  නිවාස ණය කපා හරින බවයි. නමුත් දැන් ප්‍රකාශ කරන්නේ භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන සලසන්නේ නැතිව විදේශ ආයෝජකයෙකුගේ මුදලින් නිවාසවල ඉතිරි වැඩ අවසන් කරන බවයි. ඒ සඳහා නිවාස ලාභීන්ගේ සූර්ය පැනල සවිකිරීමට විදේශ ආයෝජකයාට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කර ඇත මෙම වැඩ පිළිවෙළ පුණකරී සෝලා මගඩියට නොදෙවෙනි විය හැක.

2015-2019 කාලයේ ඉදිකිරීම් ආරම්භ කළ නිවාස වල ඉදිකිරීම් වැඩ අත්හිටුවන්නේ නැතුව ක්‍රියාත්මක කරේ නම් මේ වන විට නිවාසවල වැඩ අවසන්ව ප්‍රතිලාභීන් එම නිවාසවල පදිංචි වී අවසන්ය. ඒ අනුව එම දුප්පත් ප්‍රජාවට තම වහලයේ සූර්ය පැනල සවිකිරීමට ඉඩ ලබාදී තිබූ අමතර ඒ හරහා ඔවුනට ආදායමක් උපයා ගැනීමටද හැකියාව සලසා තිබිණි.

විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කටයුතු කරන අවධියේදී වසර 4ක් සාර්ථකව ක්‍රියාත්මක කර ආණ්ඩු මාරුවීමත් සමඟ 2019 වසරේ මැද දී අත්හිටුවනු ලැබූ ග්‍රාමීය නිවාස වැඩසටහන ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යාම පිළිබඳව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ගරු ප්‍රසන්න රණතුංග මහතා නිකුත් කර තිබූ මාධ්‍ය නිවේදනයට සතුට පළකරමින් සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම් ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා විසින් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කර තිබේ.