වැරදී ආර්ථික තීන්දු තීරණ ගනිමින්, ගජ මිතුරන්ට බදු සහන ලබාදෙමින් රටේ ජනතාව ආර්ථික අර්බුදයකට ඇද දමා රට බංකොලොත් තත්වයකට පත්කළ ආර්ථික ඝාතකයන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සඳහා අත්සන් තැබෙන මහජන පෙත්සම අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක විය.

මේ රට ආර්ථික වශයෙන් බංකලොත් භාවයට පත්කළ ආර්ථික ඝාතකයින්ට එරෙහිව කිරිඳිවැල බස්නැවතුම්පල අසලදීද මහජන පෙත්සම් අත්සන් තැබීමේ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර එම වැඩසටහන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන්  සංවිධානය කර තිබුණි.

මෙම වැඩසටහනට සමගි ජන බලවේගයේ ක්‍රියාධරයින් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහබාගී විය.

හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් අද කිරිදිවැල නගරයේ සංවිධානය කර තිබූ මහජන පෙත්සම අත්සන් තැබීමේ වැඩසටහන මෙතනින් නරඹන්න.

සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් මෙන්ම රටේ මහා ජනතාවගේ සහබාගිත්වයෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම වැඩසටහන අද කහටගස්දිගිලිය නගරයේ පැවති අතර හොරොව්පතාන ආසන සංවිධායක සාගර අමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්ව‍යෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මහජන පෙත්සම මහජන පෙත්සම මහජන පෙත්සම